ඩලස් මහින්දට නිදුක් නිරෝගී සුව පතයි

0
72

ශ්‍රී  ලංකා පොදුජන පෙරමුණේ නායක හා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට ‘නිදුක් නිරෝගී සුව ප්‍රාර්ථනා කරන බව’ පොදුජන පෙරමුණ මාතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි ඩලස් අලහප්පෙරුම පැවැසීය.

අනුප්‍රාප්තික ජනාධිපතිවරයා තෝරන ඡන්දයේදී ශ්‍රී  ලංකා පොදුජන පෙරමුණු නායක හා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා තමාට ඡන්දය ලබාදුන් බවට පාර්ලිමේන්තුවේ කළ ප්‍රකාශය සම්බන්ධයෙන් අදහස් දක්වමින් අලහප්පෙරුම මහතා මෙම අදහස් පැවැසීය.

විමල් වීරවංශ ඇතුළු පක්ෂ 10ක එකමුතුව අනුප්‍රාප්තික ජනාධිපතිවරයා තෝරන ඡන්දයේදී තමාට ඡන්දය ලබාදුන් බවද විමල් වීරවංශ මහතා හදිසි නීතියට පක්ෂව ඡන්දය ලබාදීමෙන් ඔහු රනිල් වික්‍රමසිංහ මහතාට පක්ෂ වීමක් සිදු නොවන බවද ඩලස් අලහප්පෙරුම මහතා කීය.

ප්‍රජාතන්ත්‍රවාදී උද්ඝෝෂණ සඳහා තම ස්වාධීන මන්ත්‍රි කණ්ඩායමේ සහාය ඉදිරියේදීත් හිමිවන බවද ඩලස් අලහප්පෙරුම මන්ත්‍රිවරයා පැවැසීය. කොළඹදී ඊයේ (28දා) පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් අලහප්පෙරුම මහතා මෙම අදහස් පළ කළේය.

ක්‍රිෂාන් පතිරත් ජයසූරිය