උන්ඩියල් ක්‍රමයට රට සල්ලි මාරු කරන සැකකරු එක්කෝටි හැටහත් ලක්ෂයක්ස මඟ වැලිගමදී මාට්ටු

0
17

නීති විරෝධී ආකාරයෙන්  උන්ඩියල් ක්‍රමය යටතේ විදේශීය මුදල් හුවමාරු කරනු ලබන පුද්ගලයකු  විදේශීය මුදල් රැසක් සමඟ  වැලිගම නගරයේදී  පෙරේදා (27දා) රාත්‍රි අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ කාර්ය බළකා කොක්මාදුව කඳවුර පවසයි.

විශේෂ කාර්ය බළකායේ කොක්මාදුව උප කඳවුරේ නිලධාරීන්ට ලද තොරතුරකට අනුව, විශේෂ කාර්ය බළකාය අණදෙන නිලධාරි නීතිඥ වරුණ ජයසුන්දර මහතාගේ නියෝග හා උපදෙස් පරිදි එම කඳවුරේ උප පොලිස් පරීක්ෂක පී.එම්. කාරියප්පෙරුම මහතා ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් මෙම වැටලීම කළහ.

ඒ අනුව සැකකරු සන්තකයේ තිබූ ඇමරිකානු ඩොලර් 100 නෝට්ටු 143, ඇමරිකානු ඩොලර් 50 නෝට්ටු 73,  ඇමරිකානු ඩොලර් 20 නෝට්ටු 05, ඇමරිකානු ඩොලර් 10 නෝට්ටු 10,  ඇමරිකානු ඩොලර් 05 නෝට්ටු 11, ඇමරිකානු ඩොලර් 01 නෝට්ටු 03, ඉතාලි යුරෝ 500 නෝට්ටු 04, ඉතාලි යුරෝ 200 නෝට්ටු 66, ඉතාලි යුරෝ 100 නෝට්ටු 07, ඉතාලි යුරෝ 50 නෝට්ටු 73, ඉතාලි යුරෝ 20 නෝට්ටු 14, ඉතාලි යුරෝ 10 නෝට්ටු 09, ඉතාලි යුරෝ 05 නෝට්ටු 13, එංගලන්ත පවුම් 20 නෝට්ටු 29, එංගලන්ත පවුම් 10 නෝට්ටු 05, එංගලන්ත පවුම් 05 නෝට්ටු 03, අරාබි ඩිරාම් 1,000 නෝට්ටු 18, අරාබි ඩිරාම් 500 නෝට්ටු 01, ජපන් යෙන් 10,000 නෝට්ටු 10, කටාර් රියාල් 500 නෝට්ටු 02, ඉන්දියන් රුපියල් 100 නෝට්ටු 03, සවුදි රියාල් 500 නෝට්ටු 01, කුවේට් ඩිනාර් 20 නෝට්ටු 02,  සිංගප්පූරු ඩොලර් 10 නෝට්ටු 01, වීන යුආන් 01 නෝට්ටු 03, ඕමාන් බයිසා 100 නෝට්ටු 03, පැරණි මුදල් – සවුදි රියාල් 05 නෝට්ටු 01, පැරණි මුදල් – ඉන්දියන් රුපියල් 50 නෝට්ටු 01ක්ද, පැරණි මුදල් – ඉන්දියන් රුපියල් 10 නෝට්ටු 02ක්ද,  මෙහිදී පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරීන් භාරයට ගෙන තිබේ.

එම මුදල්වල දළ වටිනාකම රුපියල් එක්කෝටි හැටහත් ලක්ෂයකට ආසන්න බව පොලිසිය කියයි.

අත්අඩංගුවට ගත් සැකකරු  ගල්බොක්ක ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 27ක පුද්ගලයකු බවත් වැඩිදුර විමර්ශන කටයුතු සඳහා සැකකරු වැලිගම මූලස්ථාන පොලිස් ස්ථානය වෙත භාරදීමට  කටයුතු කළ අතර සැකකරු මාතර මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.

වැලිගම _ නුවන්

ගාල්ල – ෆර්හාන් නිසාම්දින්