ආණ්ඩු පක්‍ෂයේ නි. සංවිධායකවරුන්ට පත්වීම් ලිපි

0
201

පාර්ලිමේන්තුවේ ආණ්ඩු පක්ෂයේ නියෝජ්‍ය සංවිධායකවරුන්, සහකාර සංවිධායකවරුන්ට පත්වීම් ලිපි අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන අතින් පෙරේදා (27දා) පාර්ලිමේන්තුවේ අග්‍රාමාත්‍ය කාර්යාලයේදී පිරිනැමිණි.

ඒ අනුව නීතිඥ සාගර කාරියවසම් සහ ජයන්ත කැටගොඩ යන මන්ත්‍රිවරුන්, නියෝජ්‍ය සංවිධායකවරු ලෙසද කෝකිලා ගුණවර්ධන, මධුර විතානගේ, තිස්ස කුට්ටිආරච්චි යන මන්ත්‍රිවරුන් සහකාර සංවිධායකවරු ලෙසද අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන අතින් අදාළ පත්වීම් ලිපි ලබා ගත්හ.

මෙම අවස්ථාවට පාර්ලිමේන්තුවේ සභානායක අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත, ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මෙන්ම ජනාධිපති අතිරේක ලේකම් හා ආණ්ඩු පක්ෂ ප්‍රධාන සංවිධායක ලේකම් නීතිඥ චමින්ද කුලරත්න, අග්‍රාමාත්‍ය අතිරේක ලේකම් හා සභානායක ලේකම් හර්ෂ විජේවර්ධන යන මහත්වරුද එක්වූහ.

අනුරාධා හේරත්, සඳුනි ගමාරච්චි