ආණ්ඩුව හදිසි නීති රෙගුලාසි යොදා ගන්නා ආකාරය පිළිබඳව විමර්ශනයක් කරන්න

0
13

ආණ්ඩුව හදිසි නීති රෙගුලාසි යොදාගන්නා ආකාරය පිළිබඳව විමර්ශනයක් කරන්නැයි ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවෙන් ඊයේ (28දා) ඉල්ලා සිටි බව අරගලයේ පරපුර සංවිධානයේ නීතිඥ නුවන් බෝපගේ පැවැසීය

හදිසි නීතිය යොදාගනිමින් ජනතාවට හානිකර යම් ක්‍රියාවක් සිදුවන්නේ නම් එය වැළැක්වීමට මැදිහත් වන්නැයි ඉල්ලා සිටි බවද හෙතෙම සඳහන් කළේය.

ජනතාව පීඩාවට පත් කිරීම සඳහා හදිසි නීති රෙගුලාසි යොදාගනිමින් තිබෙන ආකාරය මානව හිමිකම් කොමිසමට පැහැදිලි  කළ බවද බෝපගේ මහතා කීය.

හදිසි නීතිය යොදාගනිමින් සිවිල් කටයුතු සඳහා ත්‍රිවිධ හමුදාව යොදාගැනීමත් 22දා ප්‍රහාරයෙන් අරගලකරුවන්ගේ මානව හිමිකම් කඩවීමත් පිළිබඳව කොමිසමේ අවධානයට ලක් කළ බවද හෙතෙම ප්‍රකාශ කළේය

22දා ප්‍රහාරයට ත්‍රිවිධ හමුදාවට අණ දුන්නේ කවුරුන්ද කියාත් ඒ සඳහා අවශ්‍ය සැලසුම් සකස් කළේ කවුරුන්ද කියාත් සොයා බලන්නැයි  මානව හිමිකම් කොමිසමෙන් ඉල්ලා සිටි බවද බෝපගේ මහතා පැවැසීය.

අමිත් මධුරංග ගමගේ