පැතුම් කර්නර් CCD අත්අඩංගුවට

0
1718

සමාජ ක්‍රියාකාරී පැතුම් කර්නර් කොළඹ අපරාධ කොට්ඨාසය මගින් අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතිඥ නිහාල් තල්දූව පවසයි.

පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ, පසුගිය දා බත්තරමුල්ල පොල්දූව මන්සන්ධියේ පැවැති විරෝධතාව සම්බන්ධයෙන් ඔහු මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති බව ය.

අද (ජූලි 28) ප.ව. 12.30ට පමණ ඔහු අත්අඩංගුවට ගෙන ඇති බව තල්දූව මහතා සඳහන් කළේ ය.

කොළඹ අපරාධ කොට්ඨාසය මගින් සිදු කෙරෙන විමර්ශනයක් සඳහා අද (ජූලි 28) එහි පැමිණ සිටි අවස්ථාවේදී ඔහු මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත.