“ගෝඨාභය රාජපක්ෂගේ ජනාධිපති මුක්තිය අහෝසියි” (VIDEO)

1
531

විධායක ජනාධිපතිවරයෙකු ධූරයෙන් ඉල්ලා අස්වූ පසු ඔහු සතු ‘මුක්තිය’ (Immunity) අහිමි වන බව ජ්‍යෙෂ්ඨ නීතිඥවරයෙකු වන හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් පී. පෙරේරා පවසයි.

සිය ෆේස්බුක් ගිණුමේ සටහනක් තබමින් ඔහු ප්‍රකාශ කර ඇත්තේ, හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට දැන් මුක්තියක් නොමැති බව ය.

ඒ අනුව, ඔහුව පෞද්ගලික නාමයෙන් වගඋත්තරකරු කළ හැක බව ශ්‍රේෂ්ඨාධිකරණය ඊයේ (ජූලි 27) තීරණය කළ බව ත් මීට පෙර ද ශ්‍රේෂ්ඨාධිකරණය මෙම මතය ම දරා තිබෙන බව ත් ඔහු එහි සඳහන් කර ඇත.

ඔහු පෙන්වා දෙන්නේ, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 35 (1) ව්‍යවස්ථාව ප්‍රකාරව, ධූර දරන ජනාධිපතිට ඇති “මුක්තිය” මත ඉල්ලා අස්කර ගන්නා ලද සියලු අපරාධ නඩු නීතිපතිවරයා නැවත පැවරිය යුතු බව ය.

එමෙන් ම, පාස්කු ප්‍රහාරය සහ නතර කරන ලද අනෙකුත් අපරාධ පිළිබඳව පරීක්ෂණ කටයුතු ද ආරම්භ කළ යුතු බව ඔහු එහි වැඩිදුරට ත් සඳහන් කර තිබේ.

එම ප්‍රකාශය මෙතැනින්

1 COMMENT

Comments are closed.