ස්වාමීන් වහන්සේට පහර දුන් තිදෙනා සැකපිට අත්අඩංගුවට

0
15

ස්වාමීන් වහන්සේ නමකට පහරදීමක් සම්බන්ධයෙන් අතුරුගිරිය පොලිසිය සැකකරුවන් තිදෙනකු අත්අඩංගුවට ගෙන තිබේ.කාන්තාවක් ඉදිරිපිටදී ස්වාමීන් වහන්සේ නමකට පහරදී තුවාල සිදුකිරීමක් පිළිබඳව ඉකුත් දිනවල සමාජ මාධ්‍ය ඔස්සේ වීඩියෝවක් සංසරණය විය.

ඒ සම්බන්ධයෙන් පහරකෑමට ලක්වූ ස්වාමීන් වහන්සේ පැමිණිල්ලක් ඉදිරිපත් නොකළද අතුරුගිරිය පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කරන ලද අතර පොලිසිය විසින් ඊට සම්බන්ධ වූ ස්වාමීන් වහන්සේගෙන් ප්‍රකාශයක් සටහන් කරගෙන තිබේ.

පහරදීමට සිවුදෙනකු සම්බන්ධ වූ බවට අනාවරණය වී ඇති අතර ඉන් පුද්ගලයන් තිදෙනකු ඉකුත් 26 වැනිදා සවස් වරුවේ අත්අඩංගුවට ගැනීමට අතුරුගිරිය පොලිසියට හැකි වී තිබේ. අත්අඩංගුවට ගත් සැකකරුවන් අවුරුදු 30, 40 සහ 49 වයස්වල පසු වූ හබරකඩ ප්‍රදේශයේ පදිංචිකරුවන් වෙති.

කීර්ති මෙන්ඩිස්