සත්කාරකත්වය ශ්‍රී ලංකාවට

0
20

වසර 12කට පසු එනම් 2025 වසරේදී පැවැත්වීමට නියමිත කාන්තා ලෝක කුසලානයක සත්කාරකත්වය ඉන්දියාවට හිමිව ඇති අතර, 2013 වසරෙන් පසු මෙවැනි ලෝක කුසලානයක සත්කාරකත්වය ඉන්දියාවට හිමිව ඇත්තේ පළමු වරට වීමද විශේෂත්වයකි.

කෙසේ වෙතත් 2024 වසරේදී හා 2026 වසරේදී පැවැත්වෙන විස්සයි-20 කාන්තා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියන්හි සත්කාරකත්වය පිළිවෙළින් බංග්ලාදේශයට හා එංගලන්තයට හිමිව තිබේ.

එසේම 2027 වසරේ පෙබරවාරි මාසයේදී කණ්ඩායම් 6ක සහභාගීත්වයෙන් පැවැත්වීමට නියමිත ශූරයන්ගේ කුසලාන විස්සයි-20 කාන්තා ක්‍රිකට් තරගාවලියේ සත්කාරකත්වය ශ්‍රී ලංකාවට ලබා දී තිබුණද එම තරගාවලිය සඳහා ශ්‍රී ලංකාවට සුදුසුකම් ලබාගැනීමට අපහසු වුවහොත් එහි සත්කාරකත්වය ශ්‍රී ලංකාවෙන් ගිලිහී යන බව අයි.සී.සී.ය අවධාරණය කර තිබීමද විශේෂත්වයකි.