රටට ඩොලර් ගෙනා බරණට වින කැටුවේ කවුද?

0
34

නාමල් උයන රක්ෂිතයේ සහ කලාවැව රක්ෂිතයේ වසර 50කට අධික කාලයක් සැරිසැරූ “බරණ” නමින් හ¾දුන්වන ඇතාගේ මරණය  සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණයක් පවත්වා අලි මිනිස් ගැටුමට වහා විස¾දුම් දීම රජයේ වගකීමක් බව නාමල් උයන භාරකාර වනවාසී රාහුල හිමියෝ 27 දින පැවැසූහ.

නාමල් උයන රක්ෂිතය ඉදිරිපිට වන ලැහැබක මියගොස් සිටි බරණ නමැති ඇතාගේ මළසිරුර ප්‍රදේශවාසීන් සොයාගෙන ගල්කිරියාගම වනජීවී නිලධාරීන් දැනුවත් කොට තිබිණි.

 බරණ නමැති ඇතාගේ සොඬයේ පිලිස්සුණු තුවාල කිහිපයක් දක්නට තිබෙන බවත්  කිසියම් පිරිසක් ඇතාගේ ජීවිතය විනාශ කර ඇතැයි ප්‍රදේශවාසීහු සැක පළ කරති. 

 වනජීවී නිලධාරීන් ඇතාගේ පශ්චාත් මරණ පරීක්ෂණය 27 වැනි දින පැවැත්වීමට නියමිතව තිබිණි. හදිසියේ එම ස්ථානයට වැඩම කළ  නාමල් උයන භාරකාර වනවාසී රාහුල හිමියන් දැඩිව  කියා සිටියේ ඇතාගෙන් කිසිදු අයකුට කිසිදු කරදරයක් නොවූ බවය. ඇතා සමඟ තවත් ඇතුන් දෙදෙනකු නිරන්තරයෙන් ප්‍රදේශයේ ගැවසුණා. වසර ගණනාවක සිට අලි-මිනිස් ගැටුම සඳහා රාජ්‍ය නිලධාරීන් කටයුතු නොකිරීම බරපතළ ප්‍රශ්නයක් බවය.

අතීතයේ සිට  රටේ පාලන අධිකාරිය රාජ්‍ය නිලධාරි  ත්‍රස්තවාදය නිසා අසරණ මිනිසුන්ගේ ජීවිත, අසරණ සතුන්ගේ ජීවිතය දිනෙන් දින විනාශ වනවා.

බරණ  නමැති ඇතා නැරඹීම සඳහා ලෝකයේ බොහෝ රටවල සිට සංචාරකයන් පැමිණෙනවා. බරණ නමැති ඇතා නිකන්ම නිකන් ඇතෙක්  නොව  ඔහු මෙරටට ඩොලර් උපයා දුන් ඇතෙක්  බව උන්වහන්සේ අවධාරණය කළහ.

 ඇතාගේ මරණයට හේතුව වහාම සොයා බලා වැරදිකරුවන්ට දඬුවම් දිය යුතුයි. අලි – මිනිස් ගැටුම්වලදී සිදුවන සෑම ඝාතනයකම වගකීම එදා සිට අද දක්වා පාලනය කළ දේශපාලනඥයන් සහ රාජ්‍ය නිලධාරීන් භාරගත යුතු බවටද උන්වහන්සේ චෝදනා කළහ.

 මෙම ස්ථානයට පැමිණි ප්‍රදේශවාසීන්  බොහෝ දෙනෙක් කියා සිටියේ බරණ නමැති ඇතා සහ තවත් ඇතුන් දෙදෙනකු නිරන්තරයෙන් ප්‍රදේශයේ සැරිසරන බවය.

මීට දින කිහිපයකට ඉහතදී ඇතා සහ අනෙකුත් ඇතුන් දෙදෙනාද ප්‍රදේශයේ සැරිසැරූ බව ඔවුහු දැඩි කනස්සල්ලෙන් යුතුව ප්‍රකාශ කළහ.

 එම පිරිස මියගිය බරණ ඇතාගේ හොඬවැල පෙන්වමින් කියා සිටියේ හොඬවැල යට යම්කිසි රැහැනක් වැනි දෙයකින් පිලිස්සුම් තුවාල සිදුවී ඇති බව දැකගැනීමට තිබෙන බවය.

බරණ ඇතාට ආදරය කළ බොහෝ දෙනකු කියා සිටියේ  වර්තමාන විපක්ෂ  නායක සජිත් ප්‍රේමදාස මහතා 90 දශකයේ ඇතාට බරණ  නමැති නම තැබූ බවයි.

 වනජීවී නිලධාරීන් කියා සිටියේ වයස අවුරුදු පනස් දෙකක් පමණ වූ ඇතා  නිරන්තරයෙන් කලාවැව රක්ෂිතයේ මෙන්ම නාමල් උයන රක්ෂිත සැරිසරන ඉතා කරුණාවන්ත මෙන්ම තේජසින් යුතුව සිටින ගාම්භීරව ආරක්ෂාවට   දෙපැත්තෙන් තවත් ඇතුන් දෙන්නකු සමඟ  වාසය කළ බවයි.

ඇතා මියයන්නට ඇත්තේ ඊයේ උදෑසන බවත් ඇතාගේ මරණයට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර සෞඛ්‍ය සම්පන්නව සිටි ඇතා එක්වරම මියගොස් සිටීම සැකසහිත බවත් බොහෝ විට මෙය ඝාතනයක් විය හැකි බවත් වනජීවී නිලධාරීහු පවසති. මියගිය ඇතාගේ මරණයට හේතුව සොයා ගැනීම සඳහා පශ්චාත් මරණ පරීක්ෂණය 27 වැනිදා පැවැත්වීමට නියමිත බව ගල්කිරියාගම වනසත්ත්ව අඩවි ආරක්ෂක කාර්යාලයේ නිලධාරියකු පැවැසීය. මියගොස්  සිටින බරණ ඇතාගේ සිරුර දැක බලා ගැනීම සඳහා ප්‍රදේශවාසීන් විශාල පිරිසක් ද එම ස්ථානයට එක්රොක්වෙමින් සිටියහ.

දඹුල්ල – කේ.කේ. ආරියදාස ,
මඩාටුගම _ ප්‍රසංග ඒකනායක,
කලාවැව – ප්‍රදීප් රණසිංහ