මේ 13දෙනා හඳුනාගන්න CIDය මහජන සහාය පතයි

0
18

ජනපති නිවෙසට ගිනි තැබූ 14ක් හඳුනාගන්න මහජන සහාය පතයි ජනාධිපති රනිල් වික්‍රමසිංහට අයත් කොල්ලුපිටිය පස්වැනි පටුමඟේ පිහිටි නිවෙසට අයුතු ලෙස ඇතුළු වී දේපළවලට හානි කිරීම සම්බන්ධයෙන් හඳුනාගත් පුද්ගලයන් 13 දෙනකු සම්බන්ධයෙන් නෛතික පියවර ගැනීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මහජන සහාය පතයි.

මෙම පුද්ගලයන් නිවැරදිව හඳුනාගැනීම සඳහා අවශ්‍ය නෛතික පියවර ගැනීමට ඔවුන් සම්බන්ධ යම් තොරතුරක් වෙතොත් වට්ස්ඇප් මඟින් හෝ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව 0718594950, 0718594229, 0112422176 යන අංකවලට දැනුම් දෙන ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මහජනතාවගෙන් ඉල්ලීමක් කරයි.

2022-07-09 වැනි දින ඇති වූ කලහකාරී සහ ප්‍රචණ්ඩකාරී සිදුවීම්වලදී කලහාකාරී පිරිස් විසින් කොල්ලුපිටිය, පස්වන පටුමඟේ අංක 119 දරන ස්ථානයේ පිහිටි රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාගේ පෞද්ගලික නිවෙසට රාත්‍රි කාලයේ අයුතු ලෙස ඇතුළු වී පහරදී ගින්නෙන් හානි කර දේපළ විනාශ කිරීම සම්බන්ධයෙන් සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා රහස් පොලිසිය මෙම විමර්ශනය ආරම්භ කර ඇත.  රහස් පොලිසිය පවසන්නේ මෙම සිදුවීමට අදාළව ලබාගත් සමීප ආවේක්ෂණ දර්ශන සහ විමර්ශනයට අදාළව ලබාගත් වීඩියෝ දර්ශන ඇසුරින් මෙම හානි සිදුකිරීමට සම්බන්ධ ප්‍රධාන ක්‍රියාකාරීන් ලෙස හඳුනාගත් මෙම පුද්ගලයන්ගේ අනන්‍යතාවය තහවුරු කර ගැනීම සඳහා මහජනතාවගෙන් මෙම ඉල්ලීම සිදුකරන බවය.

කීර්ති මෙන්ඩිස්