බැංකු ගිණුම් අංකයෙන් වාසනාව උරගා බලමු

0
75

ජීවිතයේ වාසනාව කියන දෙය බොහෝ දෙනෙක් විවිධ පැතිවලින් උදාකර ගනු ලබනවා. හැබැයි එය උරුම හැකියාවක් වගේම ලැබීමකුත් ජන්මියාගේ කේන්දර පත්‍රය තුළ ගැබ් වී තිබිය යුතුමයි. සමහරුන් ජීවන ගමනේ අඩියටම වැටී තිබෙන අවස්ථාවන්හිදී ලොතරැයි දිනුම් ආදී ජයග්‍රහණ නොසිතූ ලෙසින් උදාකර ගනු ලබන්නේ මෙතුළිනි. ඒ වගේම තමන්ට දෛවයේ ලියැවුණු වාසනාවක්,  මොනම හේතුවක් නිසාවත් තවත් කාටවත් නැති කරන්න, අහිමි කරන්න බැරි බවක් සිහියේ තබාගත යුත්තක්.

මන්ද එය ඔහු හෝ ඇය උපතින්ම රැගෙන එන දෙයක්. ජේ‍යාතිෂය තුළ කෙනකුට වාසනාව කැන්දන අංක විද්‍යාත්මක ක්‍රමවේදයන් කිහිපයක්ම පෙන්වා දෙනු ලබනවා. ඒ අතරින් දෛව අංකය හෙවත් ජීවන අංකය දිවියට වාසනාව කැන්දන වාහන අංක, වාස්තු විද්‍යාත්මකව ජීවත්වන ප්‍රදේශය පදනම් වන වාසනා අංකය ආදී සංඛ්‍යා සූචක ක්‍රමවේදයන් ප්‍රමුඛවනු ලබනවා. සත්‍ය ලෙසින්ම යම් ජන්මියකුට මේවායේ පදනම් වූ කාරණා සමඟ එම අංකයන්හි ශුභ අශුභතා ජීවිතයට යහපත් හෝ අයහපත් ආකාරයෙන් ගෙන දෙනු ලබනවා.

සමහරුන් මෙම වාසනාව කැන්දන ක්‍රමවේදයන් මත පිහිටාම ජීවිත සරු කර ගන්නවා මෙන්ම කරගත් අවස්ථා අනේකවත් පවතිනවා.  අද දින ඔබට පෙන්වා දෙනු ලබන්නේ මෙවන් ආකාරයෙන්ම ඉතාමත්ම වැදගත් භාවයක් දනවන්නා වූ වගේම නිරන්තරයෙන්ම ඔබව හසුරුවන්නා වූ ඔබගේ බැංකු ගිණුම් අංකය කවරාකාරයෙන් දිවියට ශුභ ඵල උදා කරනවාද යන්නයි. මෙතෙක් ප්‍රායෝගිකව යම් කෙනෙක් මෙම බැංකු ගිණුම් අංකයන්හි වාසනාව පිළිබඳව ජේ‍යාතිෂ්‍යානුකූලව නිසි අවබෝධයක් නොලබා තිබෙන්නටද පුළුවන. නමුත් මෙය කා හට වුවත් පහසුවෙන් අවබෝධ කරගත හැක්කකි.

වර්තමානයේ සෑම කෙනකුටම වාගේ බැංකු ගිණුමක් අනිවාර්යයෙන්ම පවතිනු ලබන්නක්. අතීතයේ නම් කෙසේ වෙතත් මේ වන විට යම් දරුවෙක් මවුකුසින් බිහිවන්නේද බැංකු ගිණුමකුත් අතින් අරගෙනයි. ඇතැම් අවස්ථාවන්හිදී  දරුවා රෝහලින් පිටවන්නටත් කලින් බැංකුවෙන් රෝහලටත් ගිහින්. නමුත් ඉතින් මේ කාරණාව සුළුවෙන් නොතැකිය යුතු වන්නේ ඉතිරි කිරීම හා අනාගතය සුරක්ෂිත කිරීම වෙනුවෙන් කටයුතු සිදුකිරීම යහපත් දෙයක් බව බුදු දහමේද පෙන්වා දෙන නිසාවෙනි. මෙවන් කාරණා කිහිපයක් ඔබ හමුවේ තබමින් දිවියට වාසනාව කැන්දන වගේම එකට – දෙකක් හරියන බැංකු ගිණුමක් ඔබටත් තිබේද? නැතිනම් එවන් ගිණුම් අංකයක් නිවැරැදිව සොයා ගන්නේ කෙසේද යන්න මෙම ලිපියෙන් අවබෝධය ලබා දෙන්නෙමි.

මෙය දේශීය හෝ විදේශීය වශයෙන් මෙරට ස්ථාපිත ඕනෑම බැංකුවක ගිණුම් අංකයක වාසනාව සස¼දා බැලිය හැකි ක්‍රමවේදයකි. එසේම  පවත්නා විවිධ වර්ගයේ ගිණුම් අංකයන් සඳහාද කිසිදු බාධාවකින් තොරව මෙය භාවිතාවට ගත හැකිය. උදාහරණයක් මඟින් ඔබේ දිවියට හරියන ගිණුම් අංකයක් සොයා ගන්නා ආකාරය මෙසේ පැහැදිලි කර දෙමි.

පළමුව ඔබේ ලග්නයට හිමි රාශි අංකය දැන ගන්න.

දැන් අපි සිතමු යම් කෙනකුගේ බැංකුවක තිබෙන ගිණුම් අංකය පහත ආකාරයෙන් යැයි සිතා ඇතැම් බැංකුවල නිකුත් කරනු ලබන අංක දීර්ඝ බවින් යුතු අතර, සමහර බැංකුවල ගිණුම් අංක පහසුවෙන් හැසිරවිය හැකි ඒවාය. ඒ කෙසේ වෙතත් මෙම කාරණාව සම්බන්ධයෙන් ඉලක්කම් සංඛ්‍යාව බලපැවැත්මක් නොමැත.

උදා: 045 – 2400 _ 1246 – 126 _ 123001

පළමුව ඔබේ ගිණුම් අංකයේ ඇති සියලුම අංක පහත ආකාරයෙන් එකිනෙකට එකතු කරන්න.

0+4+5+2+4+0+0+1+2+4+6+1+2+6+1+2+ 3 + 0 +—0 + 1=  පිළිතුර 44

දැන් පැමිණි පිළිතුරට ඔබට හිමි ලග්නයට හිමි රාශි අංකය මෙසේ එකතු කරන්න. අපි සිතමු ඉහත ගිණුම් අංක හිමියා මකර ලග්න හිමියෙක් යැයි සිතා, එවිට ඔහුට හෝ ඇයට හිමි රාශි අංකය වනුයේ අංක 10යි.

දැන් 44 + 10 = 54  ලැබෙන පිළිතුර සරලව වෙන වෙනම තනි අංකයක් ලැබෙන ලෙසින් ඉදිරියටත් එකතු කරන්න.

5 + 4 = 9

අවසාන පිළිතුර වන්නේ 9යි.  දැන් අපි බලමු ඔබට හිමි ගිණුම් අංකයේ ශුභ අශුභතා කෙසේද කියා.

ශුභ  අශුභතා චක්‍රය

අංක 01

ඉහළ  ශුභදායක බවක් ගෙන දෙන්නේ නොමැත. කුඩා වියදමක් වුවත් දෙවරක් නොසිතා මුදල් ගෙන වියදම් කරයි. මෙම ගිණුමේ පැවැත්මද අස්ථාවරය. දීර්ඝකාලීන යහපත් අරමුණින් තොරව ජන්මියා ආරම්භ කළ ගිණුම් විය හැකිය.

අංක 02

මෙය ශුභදායි ගිණුම් අංකයකි. කාලාන්තරයක් පුරා පවතිනු ඇත. ව්‍යාපාර කටයුතු ආදියේ නියැළෙන අයට නම් උසස් ඵල උදාකර දෙයි. ලෝහ හෝ ඒ ආශි්‍රත තාක්ෂණික අංශයේ හිමි අයට යහපත්ය. උසස් ඵල උදාකරයි.

අංක 03

මෙලෙස යෙදෙන ගිණුම් අංක බොහෝ කාලයක් ගනුදෙනු නොකර අවලංගු වන අවස්ථාද පවතී. ණය ගනුදෙනු වෙනුවෙන් යොදා ගැනීමෙන් ඇතැම් විට ජීවිතවල ප්‍රශ්න ගැටලු පවා ඇතිකර ගනී. කෘෂි කර්මාන්ත කටයුතු වෙනුවෙන් යොදා ගන්නේ නම් ශුභ ඵල උදාකර ගත හැකිය.

අංක 04

අධ්‍යාපනය සිදුකරන දරුවන්ට හෝ ගුරුවරුන් ආදීන්ටත් විශේෂයෙන් ශුභ ඵල උදාකරයි. කාලාන්තරයක් පවතී. අස්ථාවර වුවත් නැවත නැවත සක්‍රිය කර ගනී.  පොලී ආදායම් පවා ලද හැකිය. ස්ථාවර ගිණුමක් නම් තවත් යහපත්ය.

අංක 05

නමට පමණක් පවත්වාගෙන යයි. මොන පහසුකම ලබා දුන්නද ඒවා දෙනකම් පමණකි. ගන්නා තරමට තැන්පත් කිරීමට සිතක් නොදේ. ස්වාමි / පූජක පක්ෂයේ අයට නම් ශුභ ඵල උදාකර ගත හැකිය.

අංක 06

තමාගේ නමින් පැවතියත් වාසි ලබන්නේ බොහෝ විට අනුන්ය. අවසානයේ ගිණුමේ ශේෂය පවා අනුන්ට හිමි විය හැකිය. ජීවිතය පිළිබඳ නිසි අවබෝධයක් නොලද අයට මෙවන් ගිණුම් අංක හිමිවේ.

අංක 07

ජය ගෙන දේ. නිවාස ඉදිකිරීම් ආදියට වගේම ව්‍යාපාරවලින් ගොඩ යන්නත් හොඳ අංකයකි. බද්ධ ගිණුම් ආදිය පවත්වන්නේ නම් තවත් ශුභ ඵල උදාකර ගත හැකිය.  මෙවන් අංක හිමි අයට විවාහයෙන් පසුව සිදුකරන මූල්‍ය කටයුතුවලින් උච්චපල උදාකර ගත හැකිය.

අංක 08

වාසනාව උදාකර දේ. සුළු මුදලක හිමිකාරීත්වය පැවතියද කාලයත් සමඟ යහපත් ලැබීම් ඇති කරයි. මේ මුදල් යොදවා යාන වාහන මිලදී ගන්නේ නම් උසස් ශුභඵල උදාකර ගත හැකිය. ඒ සම්බන්ධ ව්‍යාපාරවල නියුතු අයටත් මෙවන් අංකයන් හිමි නම් ඒවා වඩාත් දියුණු කරගත හැකිය.

අංක 09

කටයුතුවල සාර්ථකභාවය අත්නොකරන අංකයකි. වියදම් පිට වියදම් ඇතිවේ. අවසානයේ ණය ලබා ගැනීම් පවා සිදුකරනු ඇත.  නමුත් ඒවායින් උසස් ඵල උදාකර නොගනී. අයහපත් සම්බන්ධතා ගොඩනඟා ගැනීමෙන් බිඳ වැටෙන ජීවිත හිමි අයට මෙවන් ගිණුම් අංක හිමිය.

මෙලෙස ඔබත් ඔබට මේ වන විට හිමිව පවත්නා ගිණුම් අංකයේ වාසනාව කෙබඳුදැයි ඔබම සරලව අවබෝධයට ගන්න. අශුභතා සහිත නම් ඒවා පිළිබඳ කල්තියා නිසි අවබෝධයෙන් යුතුව සිතට ගෙන දිවියේ ඉදිරි කටයුතු සිදු කරන්න.

ඔබට දියුණුව යහපත සැලසෙන සුරක්ෂිත හෙට දිනක් උදාවේවා!

ජේ‍යාතිෂවේදී, හස්ත රේඛා

ශාස්ත්‍රඥ වාස්තු විද්‍යාවේදී

කේ.පී. ක්‍රිෂාන්ත

ප්‍රියදර්ශන සුරවීර

දෙහිඕවිට

078-3905546