බම්බලපිටිය ශාන්ත පීතර රාජගිරිය ජනාධිපතිට පරදී

0
10

ශ්‍රී  ලංකා ක්‍රිකට් ආයතනයේ අනුග්‍රහය ඇතිව ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය විසින් සංවිධානය කරනු ලබන අවුරුදු 17න් පහළ අන්තර් පාසල් පළමු කොටසේ ක්‍රිකට් තරගයකදී බම්බලපිටිය ශාන්ත පීතර විද්‍යාලයට එරෙහිව කඩුලු 5ක පෙරළිකාර ජයක් ලැබීමට රාජගිරිය ජනාධිපති විද්‍යාලය සමත් විය.

මෙයට පෙර තරගයකදී කොළඹ ආනන්ද විද්‍යාලයට එරෙහිව පෙරළිකාර ජයක් ලැබූ රාජගිරිය ජනාධිපති විද්‍යාලය මේ වන විට තරග 3ක් ජයගෙන සිටින අතර, කැලණිය ගුරුකුල විද්‍යාලය සහ ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලයද තරග 3ක් බැගින් ජය ලබා සිටිති.

කෝට්ටේ ජනාධිපති-බම්බලපිටිය ශාන්ත පීතර

ශාන්ත පීතර- 172

(විරුල් අමරපාල 55, දිලන දම්සර 29,

කවීෂ යෂ්මික 21/3)

ජනාධිපති- 173/5

(දෙනෙත් සිගේරා නොදැවී 69, කවීෂ යෂ්මික 45, විරුල් අමරපාල 31/3)

ජනාධිපති විද්‍යාලයට කඩුලු 5ක ජයක්.

මාතර ශාන්ත තෝමස් – ගාල්ල රිච්මන්ඩ්

රිච්මන්ඩ් – 112

(හේලිත් එදිරිසිංහ 42, චවිඳු රශ්මික 29/3)

ශාන්ත තෝමස් – 114/7

(සංජු ඩිල්ෂාන් 32, යූරි කොත්තිගොඩ 29/4)

මාතර ශාන්ත තෝමස් විද්‍යාලයට කඩුලු 3ක ජයක්.

මොරටු විද්‍යාලය -කොළඹ වෙස්ලි

මොරටු විද්‍යාලය- 270/8

(ඉසුරු ප්‍රනාන්දු 84, දෙදනෙත්  සිතුමිණ 65, අනුගග පහන්සර 33/2)

වෙස්ලි- 128 (අනුග පහන්සර 58, විහහඟ නෙත්සර 24/3, නිශිත දුලංජන 29/3)

මොරටු විද්‍යාලයට ලකුණු 128ක ජයක්.

කටුගස්තොට ශාන්ත අන්තෝනි _ මහනුවර ශාන්ත සිල්වෙස්තර

ශාන්ත සිල්වෙස්තර – 84

(යෝෂිත ඉසුරංග 49, දිනුර ඔෂාන් 7/4, සෙනුර අබේසේකර 21/3)

ශාන්ත අන්තෝනි- 85/1

(ජනුක බණ්ඩාර නොදැවී 55)

ශාන්ත අන්තෝනි විද්‍යාලයට කඩුලු 9ක ජයක්.

කැලණිය ගුරුකුල-හේනෙගම ම.ම.වි.

හේනෙගම ම.ම.වි. 157

(දිමුත් දේශාන් 51,  හිරුණ ප්‍රනාන්දු 20/4)

ගුරුකුල- 158/1

(පූර්ණ කල්හාර 95, තත්සර එෂාන් නොදැවී 51)

ගුරුකුල  විද්‍යාලයට කඩුලු 9ක ජයක්.

ඉෂාන් රශ්මිත