නායකත්වයේ ඔටුනු ශානක-මෙන්ඩිස් අසලංක හා ප්‍රියංජන්ට

0
28

ශ්‍රී  ලංකා ක්‍රිකට් ආයතනය විසින් සංවිධානය කරනු  ලබන ආරාධිත විස්සයි-20 ක්‍රිකට් තරගාවලිය අගෝස්තු මස 9 වැනිදා සිට 16 වැනිදා දක්වා කොළඹ ආර්. ප්‍රේමදාස පිටිය කේන්ද්‍ර කරගනිමින් පැවැත්වීමට නියමිතව ඇති අතර, එම තරගාවලියට එක්වන ක්‍රීඩකයන්ගේ නාම ලේඛනය ක්‍රිකට් ආයතනය විසින් ඊයේ (27දා) ප්‍රකාශයට පත්කළේය.

ඒ අනුව රෙඩ්ස්, ගේ්‍රස්, ගී්‍රන් සහ බ්ලූස් වශයෙන් කණ්ඩායම් 4ක් සහභාගි වන මෙම තරගාවලියේ පළමු තරගය එළැඹෙන 9වැනිදා පස්වරු 3.00ට රෙඩ්ස් සහ ගේ්‍රස් අතරත්, රාත්‍රි 7.30ට බ්ලූස් සහ ගී්‍රන් අතරත් පැවැත්වීමට නියමිතය.

රෙඩ්ස් සංචිතය – කුසල් මෙන්ඩිස් (නායක), ලසිත් කෘෘස්පුල්ලේ, භානුක රාජපක්‍ෂ, කමිඳු මෙන්ඩිස්, වනිඳු හසරංග, සහන් ආරච්චිගේ, දුනිත් වෙල්ලාලගේ, ලහිරු මධුසංක, මතීෂ පතිරණ, මහීෂ් තීක්‍ෂණ, දුෂ්මන්ත චමීර, පබසර වඩුගේ, කළණ පෙරේරා, කෙවින් කොත්තිගොඩ, සිතාර ගිම්හාන්

බ්ලූස් සංචිතය – ධනුෂ්ක ගුණතිලක, සධීර සමරවික්‍රම, චරිත් අසලංක (නායක), ධනංජය ද සිල්වා, අශේන්  බණ්ඩාර, චාමික කරුණාරත්න, සුමින්ද ලක්‍ෂාන්, ප්‍රමෝද් මධුශාන්, ළහිරු කුමාර, ප්‍රවීන් ජයවික්‍රම, කසුන් රාජිත, ළහිරු උදාර, ළහිරු සමරකෝන්, අශේන් ඩැනියෙල්, නිපුන් රංසික

ගී්‍රන් සංචිතය _ පැතුම් නිස්සංක, නිරෝෂන් දික්වැල්ල, නුවනිඳු ප්‍රනාන්දු, දිනේෂ් චන්දිමාල්, දසුන් ශානක (නායක), ධනංජය ලක්‍ෂාන්, රමේෂ් මෙන්ඩිස්, බිනුර ප්‍රනාන්දු, නුවන් තුෂාර, ජෙෆ්රි වැන්ඩර්සේ, ලක්‍ෂාන් සඳකැන්, සමින්ද ප්‍රනාන්දු, දිල්ෂාන් මධුසංක, නිමේෂ් විමුක්ති, සචිඳු කොළඹගේ

ගේ‍ර්ස් සංචිතය _ අශාන් රන්දික, සංගීත් කුරේ, අශාන් ප්‍රියංජන් (නායක), තනූක මද්ශාන් දාබරේ, මිනෝද් භානුක, මොවින් සුබසිංහ, මුදිත ලක්‍ෂාන්, අකිල ධනංජය, දුවිඳු තිලකරත්න, මිලාන් රත්නායක, ලක්‍ෂාන් ගමගේ, නිම්සර අතරගල්ල, පුලින තරංග, තරිඳු රත්නායක, කසුන් විඳුර

විචිත්‍ර වීරසිංහ