ධීවරයන්ගේ භූමිතෙල් ගැටලුවට ලබන සතියේ විසඳුම්

0
11

ඉන්ධන අර්බුදය හේතුවෙන් දැඩිව පීඩා විඳින ධීවර ජනතාවට බලපාන භූමිතෙල් ගැටලුවට ලබන සතිය තුළ අනිවාර්යෙන් විසඳුමක් ලබාදෙන බව ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්දා පැවැසීය.

මේ වන විට අවශ්‍ය වන භූමිතෙල් මෙටි්‍රක් ටොන් 10,000ක් සිංගප්පූරුවෙන් ඇණවුම් කර ඇති බවත් දැනටමත් රජය රුසියාවෙන් බොරතෙල් ඇතුළු ඉන්ධන මිලදී ගැනීම සම්බන්ධයෙන් සාකච්ඡා සිදුකරන බවත් දේවානන්දා මහතා කීය.

පවතින ආර්ථික අර්බුදය හමුවේ ධීවර ප්‍රජාවගේ බැංකු ණය සඳහා සහන කාලයක් ලබාදීමට අවශ්‍ය පියවර ගැනීමට කැබිනට් අනුමැතිය ගැනීමට කටයුතු කරන බව පසුගිය අඟහරුවාදා (26දා) බස්නාහිර හා වයඹ පළාත්වල ඒකාබද්ධ ධීවර සංගම් නියෝජිතයන් සමඟ පැවැති සාකච්ඡාවකදී ඇමැතිවරයා පැවැසීය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ ප්‍රමුඛ රජය සහ තමා කෙරෙහිත් ධීවර ප්‍රජාව තබා ඇති විශ්වාසය කඩ වීමට කිසි විටක ඉඩ නොදෙන බව එම සාකච්ඡාවේදී ඔහු වැඩිදුරටත් පැවැසුවේය.

මිතුන් ජයවර්ධන