දැරිය වැනසූ නාකි මනමාලයාට වැඩ වරදී

0
13

දෙල්තොට,  කන්දේගම,  තිත්තවැල්ගම්මන ප්‍රදේශයේ  වයස අවුරුදු දහයක දැරියකට ලිංගික  අතවර  කළ වයස අවුරුදු හැට තුනක පුද්ගලයකු ඊයේ දින (26දා) ගලහ පොලිසියේ නිලධාරි කණ්ඩායමක් විසින් අත්අඩංගුවට  ගෙන  ඇත. මෙම දැරියගේ මව විදේශ  ගත වී කුවේට් රාජ්‍යයේ  රැකියාවක නිරතව  සිටින අතර පියා ගොවිතැන් කටයුතු සිදු කරමින් දරුවන් රැක බලාගෙන නිවෙසේ සිටී.

පියා කුඹුරු වැඩට ගිය අවස්ථාවක  මෙම අසල්වැසි පුද්ගලයා දැරිය නිවෙසේ තනිව සිටියදී  නිවෙසට ඇතුළු වී ඇයට මෙම ලිංගික අතවර සිදුකර  ඇත.

පසුව සිද්ධිය  සම්බන්ධව  ගලහ පොලිසියට  පැමිණිලි කිරීමෙන් අනතුරුව  අදාළ සැකකරු අත්අඩංගුවට  ගෙන  ඇත.

අතවරයට ලක්වූ දැරිය පේරාදෙණිය  රෝහලට  වෛද්‍ය පරීක්ෂණ  සඳහා ඉදිරිපත් කොට  ඇති අතර  සැකකරු අද දින  මහනුවර මහෙස්ත්‍රාත් අධිකරණය වෙත  ඉදිරිපත් කිරීමට  නියමිතය.

ගලහ පොලිස් ස්ථානාධිපති ප්‍රධාන  පොලිස් පරීක්ෂක  සමන් ගුණසේකර  මහතාගේ උපදෙස් මත කාන්තා ප්‍රධාන  පොලිස් පරීක්ෂක  රණසිංහ  ඇතුළු කණ්ඩායමක් සිද්ධිය  සම්බන්ධව  පරීක්ෂණ  පවත්වයි.

(ළමා අපයෝජනයක් සම්බන්ධයෙන් ඔබට යම් සාධාරණ සැකයක් හෝ තොරතුරක් වේ නම් වහා ම 1929 අංකයෙන් ජාතික ළමා ආරක්ෂක අධිකාරියට දැනුම් දී වගකිව යුතු පුරවැසියෙකුගේ යුතුකම ඉටු කරන්න.)

හන්තාන- චමින්ද කුමාර