දනිස් රිමාන්ඩ්

0
41

කටුනායක ගුවන් තොටුපළ ඔස්සේ ඩුබායි බලා යෑමට උත්සහ දැරීමේදී ගුවන්යානයේ සිට අත්අඩංගුවට ගත් ධනීස් අලි නැමැතා ඊයේ (27දා) කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන 05 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කොට තිබේ.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සහාය ඇතිව ඔහුව පෙරේදා පස්වරුවේ ශ්‍රී ලංකන් ගුවන්යානාවක් තුළ සිටියදී අත්අඩංගුවට ගත් අතර පසුව ඉදිරි විමර්ශන සදහා ඔහුව කුරුදුවත්ත පොලිස් ස්ථානය වෙත රැගෙන විත් තිබුණි.

රූපවාහිනී සංස්ථාවට බලහත්කාරයෙන් ඇතූළු වීම සම්බන්ධයෙන් සහ අධිකරණයෙන් නිකුත් කොට තිබූ වරෙන්තුවකට ඇතුළු චෝදනාවන්ට අනුව මෙම අත්අඩංගුවට ගැනීම සිදු කොට තිබුණි.

දනීස් අලි නැමැති 31 හැවිරිදි වියෙහි පසු වන අතර ඔහු කුරුණෑගල ප්‍රදේශයේ පදිංචි අයෙක් බව පොලිසිය කියා සිටි.

චාමර අමරසූරිය