තර්ස්ටන්-ඉසිපතන “සහෝදර සටන” වාර්ෂික ක්‍රිකට් තරගය විසඳුමක් නැති වෙයි

0
15

කොළඹ ඉසිපතන විද්‍යාලය සහ කොළඹ තර්ස්ටන් විද්‍යාලය අතර කොළඹ එස්.එස්.සී. පිටියේ පැවැති 59වැනි “සහෝදර සටන” වාර්ෂික මහා ක්‍රිකට් තරගය ජය පැරදුමෙන් තොරව අවසන් විය.

කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහරදුන් තර්ස්ටන් විද්‍යාලය සියල්ලන් දැවී ලකුණු 202ක් රැස් කළ අතර, එහිදී කෙවින් සැමුවෙල් ලකුණු 52කට කඩුලු 6ක් දවා ගත්තේය.

පිළිතුරු ඉනිම දියත්කළ තර්ස්ටන් විද්‍යාලය කඩුලු 8ක් පමණක් දැවී ලකුණු 297ක් රැස්කර සිටියදී ඉනිම අත්හිටුවූ අතර, එහිදී රන්දුණු ගංගනාත් පන්දු 157කදී හතරේ පහර 6ක් සහ එක් හයේ පහරක් සමඟින් ලකුණු 99ක් රැස් කළේය. පන්දුවෙන් දස්කම් දැක්වූ නිපුන්  ප්‍රේමරත්න ලකුණු 96කට කඩුලු 5ක් දවාලීය.

තරගය නිමාවන විට තම දෙවැනි ඉනිම වෙනුවෙන් තර්ස්ටන් විද්‍යාලය එක් කඩුල්ලක් පමණක් දැවී ලකුණු 22ක් ලබා සිටියේය.

කෙසේ වෙතත් ඉසිපතන විදුහලේ රන්දුණු ගංගනාත්ට තරගයේ වීරයා සහ දක්‍ෂතම පිතිකරු සම්මානත්, තර්ස්ටන් විදුහලේ නිපුන් ප්‍රේමරත්නට තුන් ඉරියව් ක්‍රීඩක සම්මානයත්, ඉසිපතන විදුහලේ කෙවින් සැමුවෙල් දක්‍ෂතම පන්දු යවන්නා සම්මානත් දිනාගනිද්දී ඉසිපතන විදුහලේ යෙසිත් කළුපහන දක්‍ෂතම ප්‍රහාරකයා ලෙසත්, තර්ස්ටන් විදුහලේ තරිඳු හර්ෂණ දක්‍ෂතම පන්දු රකින්නා ලෙසත් සම්මාන දිනාගත්හ.

ලකුණු සාරාංශය

තර්ස්ටන් පළමු ඉනිම – 202

(විහස් තෙනුමික 39, කෙවින් සැමුවෙල් 52/6)

ඉසිපතන පළමු ඉනිම – 297/8

(රන්දුණු ගංගනාත් 99, යුනෙත් සෙනෙවිරත්න නොදැවී 57, නිපුන්  ප්‍රේමරත්න 96/5)

තර්ස්ටන් දෙවැනි ඉනිම- 22/1

ඉෂාන් රශ්මිත