ජාඇල ක්‍රිස්තුරාජයට ලකුණු 413ක ජයක්

0
18

අවුරුදු 17න් පහළ අන්තර් පාසල් දෙවැනි කොටසේ ක්‍රිකට් තරගයකදී මෙවර තරගවාරයේ පිතිකරුවකු රැස්කළ ඉහළම ලකුණු සංඛ්‍යාව වාර්තා කිරීමට කොළඹ ශාන්ත ජෝශප් විද්‍යාල ‘බී’ පිලේ දකුණත් ආරම්භක පිතිකරු කණිෂ්ක දිසානායක සමත් විය.

එහිදී කොට්ටාව ආනන්ද විද්‍යාලයට එරෙහිව ප්‍රවේගකාරී පිතිහරඹයක් දියත් කළ කණිෂ්ක දිසානායක පන්දු 159කදී හතරේ පහර 32ක් සහ හයේ පහර 12ක් සමඟින් ලකුණු 273ක් රැස් කළේය.

මෙම තරගයකදී කුලියාපිටිය සාරනාත් විද්‍යාලයට එරෙහිව ලකුණු 162ක් රැස් කරමින් මෙවර තරගවාරයේ තම දෙවැනි ශතකය වාර්තා කිරීමට ජා ඇල ක්‍රිස්තුරාජ විද්‍යාලයේ අවිෂ්ක නිර්මාල් සමත් වූ අතර, එම විද්‍යාලයේම රයන් සචින්තන ලකුණු 152ක් රැස් කළේය.

කොළඹ ශාන්ත ජෝශප් ‘බී’ – කොට්ටාව ආනන්ද මහ විද්‍යාලය

ශාන්ත ජෝශප් ‘බී’- 453/4

(කණිෂ්ක දිසානායක 273, ලෙෂොන් ලියු 108)

ආනන්ද ම.වි. – 51

(කවීෂ ජයවර්ධන 0/2, ස්ටෙෆාන් ද සිල්වා 3/2, කයිල් මාකලන්ද 8/2, ඩේමියන් ද සිල්වා 13/2)

ශාන්ත ජෝශප් විද්‍යාල ‘බී’ පිලට ලකුණු 402ක ජයක්.

ජා ඇල ක්‍රිස්තුරාජ – කුලියාපිටිය සාරනාත්

ක්‍රිස්තුරාජ- 474

(අවිෂ්ක නිර්මාල් 163, රයන් සචින්තන 152, ප්‍රමෝද් චාමික 63)

සාරනාත් – 61

(සමිඳු මදුරංග 28/5, ශරිත් සුදීන 7/3)

ක්‍රිස්තුරාජ විද්‍යාලයට ලකුණු 413ක ජයක්.

කොළඹ නාලන්දා ‘බී’-හෝමාගම ම.ම.වි.

හෝමාගම ම.ම.වි.- 81

(සිතුම් විහඟ නොදැවී 23, එනුක විජේවර්ධන 21/5, විනිඳු කේෂාන් 17/3)

නාලන්දා ‘බී’- 82/3

(නිකිත පීරිස් 28, අනුක් වන්නිආරච්චි නොදැවී 21, සචිත් සමිඳු 17/2)

නාලන්දා විද්‍යාල ‘බී’ පිලට කඩුලු 7ක ජයක්.

ඉෂාන් රශ්මිත