කාරණාව ඉටු වෙනවද? නැද්ද? පොල්ගෙඩිය බිඳෙන විධියෙන් දැනගනිමු

0
414

පෙර මා විසින් දෙවියන්ගෙන් (කාලි මෑණියන්ගෙන්) පිහිට පතා පොල් ගසන ආකාරය පිළිබඳ ලිපියක් පළ කරන්නට යෙදුණා. ඒ ලිපිය හා සම්බන්ධ වන පරිදි දෙවැනි අදියරක් වශයෙන් මෙම ලිපිය ඔබ සැමදෙනාගේ දැනුවත් භාවය වෙනුවෙන් පළ කර සිටිමි.

අප විසින් යම් කාරණාවක් මුල්කරගෙන දෙවියන් උදෙසා පොල් ගැසීමක් සිදු කිරීමෙන් අනතුරුව, පොල් ගෙඩිය බිඳී යන ආකාරයෙන් අපට ලැබෙන සුබ අසුබ ප්‍රතිඵලය ගැන යම් හෝඩුවාවක් ලබා ගැනීම සඳහා පොල් ගෙඩිය බිඳී යන ආකාරය නිරීක්ෂණය කිරීමෙන් දැනගත හැකිය. සමහරක් ඇත්තන් මෙයට “පොල් ශාස්ත්‍රය” යනුවෙන්ද කියනු ලබයි. කෙසේ කොහොම නමුත් පුරාණයේ සිටම භාවිත කරන ලද මෙම ක්‍රමය මඟින් අපට බොහෝ දුරට අප විසින් පොල් ගසා ප්‍රාර්ථනා කරනු ලැබූ කාරණය කෙසේ ඉටුවේද යන්න පිළිබඳව දැනුවත් භාවයක් ලබා ගැනීම සඳහා සාර්ථක අත්දුටු ක්‍රමයකි.

අංක 01 රූපයේ දැක්වෙන්නේ සාමාන්‍යයෙන් පොල් ගැසීමකදී පොල් ගෙඩියක් බිඳී යෑමට හැකි අවස්ථාවන් 07ක් පිළිබඳවයි. මේ අවස්ථාවන් උදෙසා වෙන් වෙන් වශයෙන් පලාපල පෙන්වා දැක්විය හැකිය. ඊට අමතරව අංක 01 රූප සටහනේ පෙන්වා දැක්විය නොහැකි ආකාරයේ බිඳී යෑම් සහිත අවස්ථාවන් රූපසටහන්  අංක 8, 9, 10,1 1න් දක්වා ඇත.

අංක 02 (ඉතා සුබයි)

අංක 02 රූප සටහනේ දැක්වෙන ආකාරයෙන් ඔබ ගැසූ පොල් ගෙඩිය හරි මැදින් දෙකට බිඳී ගියේ නම් ඔබ විසින් කළ ප්‍රාර්ථනාවට සාර්ථක ඉක්මන් ප්‍රතිඵල ලැබේ. මෙසේ පොල් බිඳී යෑම මඟින් ඔබ යහපත් කරණාවකට පොල් ගැසුවත්, පළි පොල් ගැසීමක් ලෙස සිදු කළත් දෙකටම පොදුවේ සාර්ථක ප්‍රතිඵල ලැබෙනා බවක් පෙන්නුම් කරයි. එමෙන්ම ඔබ විසින් ගැසූ පොල් ගෙඩිය පෙර කී ආකාරයෙන් බිඳී ගියේ නම්, එම පොල් බිඳීම සිදුකර ලද තැනැත්තාට ග්‍රහ ‍ෙදා්ෂ, අනවින, කොඩිවින කිසිවක් නොමැත. ඔහුගේ නිවසේ සාමය සමාදානය සතුට පවතී. නිවසින් අමනාප වී ගිය අය ආපසු එයි. දෙවියන්ගේ ආශීර්වාදය හිමිවේ. අඩෝවැඩියා කිසිවක් නැත. බිය නොවන්න ඔබට ජයම අත්වේ.

අංක 03: (මිශ්‍ර පල)

ඉහත රූපයේ දැක්වෙන ආකාරයට පොල් ගෙඩිය හරස් අතට දෙකට බිඳී ගියේ නම් ඔබ විසින් පොල් ගසන ලද කාරණය සාර්ථකව සිදු වේ. වින කැපීමක් සඳහා හෝ සතුරු කරදර මර්දනය පිණිස ගැසුවා නම් එම කාරණාවන් සාර්ථක වේ. සෙතකට ශාන්තියකට ගැසුවේ නම් මේ ආකාරයෙන් පොල් බිඳී යෑම අසාර්ථක බව පෙන්නුම් කරයි. ඔබේ උත්සාහය ව්‍යාර්ථ වේ. තමන් විසින් ගැසූ පොල් ගෙඩියක් මේ ආකාරයෙන් බිඳී යන පුද්ගලයන්ට ඉදිරියට කරදර සහිත කාලයක් උදාවේ. ජීවිතයේ හරයක් නොමැති බවක් හැඟෙනු ඇති, දේවාශිර්වාදයන් නොලැබේ, අභිවෘද්ධිය නොලැබේ, සතුරු උවදුරුවලට ලක්වේ.

කෙටියෙන් කිවහොත් හොඳකට ගැසුවා නම් නරකයි. නරකකට ගැසුවා නම් හොඳයි.

අංක 04 /05: (ඉතා සුබයි)

අංක තුන රූපය දැක්වෙන ආකාරයෙන් ඔබ ගැසූ පොල් ගෙඩිය  හරහට බිඳී ගියේ නම් එය ඔබට සාර්ථක ප්‍රතිඵල ලැබෙනා බව පෙන්නුම් කරයි. සමස්තයක් වශයෙන් කිවතොත් නඩුහබ ජය ගනී, සතුරන් මිතුරන් වේ, නම්බු නාම ලැබේ, නරකට ගැහුවා නම් සතුරන්ට දඬුවම් ලැබේ. නැතිනම් සතුරන් මිතුරන් වේ. පොදුවේ ඉතා යහපත් බිඳී යෑමකි.

අංක 06: (යහපත් නොවේ)

මේ ආකාරයෙන් පොල් බිඳී යෑමක් සිදු වුවහොත් එය යහපත් නොවේ. ඔබ ප්‍රාර්ථනා කළ කාරණාවන් ඉටු නොවේ. කළා වූ ශාන්තිකර්මයන්ගෙන් ලැබෙනා ප්‍රතිඵල සම්පූර්ණ නැත. නරකකට ගැසුවේ නම් කළ දේ විපාක අත්විඳීමට සිදු වේ. නවග්‍රහ මණ්ඩලයේ ග්‍රහචාරයන්ගෙන් නරක බලපෑමක් ඇති බව පෙන්නුම් කරයි. හැකි ඉක්මනින් නව ග්‍රහ ශාන්තිකර්මයක් සිදු කර ගැනීමට සිදු වේ.

අංක 07: (සුබයි)

ශාන්තියක්, සැපතක් බලාපොරොත්තුවෙන් ගැහුවා නම් ඒවා අනිවාර්යයෙන්ම ඉටු වේ. නමුත් එය දෙවියන්ගේ ආශීර්වාදයකින් පමණක්ම නොව, තමන්ගේද උත්සාහයේ ප්‍රතිඵලයක් ලෙස සිදුවේ. නරකට ගැසුවේ නම් ප්‍රතිඵල සුබ නොවේ. ඔබ නිවෙසේ එකිනෙකා ඇනකොටා ගැනීමට පෙලඹෙනු ඇත. විවාහයක් ප්‍රාර්ථනා කරමින් තරුණියක විසින් මෙම පොල් ගෙඩිය ගැසුවේ නම් ඇයට ඉතා යහපත් ස්වාමියකු ලැබීමට භාග්‍යය උදාවේ. එසේම  දකුණු පස ළැමේ උපන් ලපයක් ඇති තරුණියක විසින් එම පොල් ගෙඩිය බින්දේ් නම් ඇයට රාජ කුමාරයකු මෙන් ස්වාමියකු ලැබේ.

අංක 08: (අසුබයි)

මෙය ඉතා අසුබ බිඳී යෑමක් ලෙස දැක්විය හැකිය. සිතන පතන කරුණු කිසිවක් ඉටු නොවේ. ජය නොලැබේ. සතුරු උවදුරුවලට ලක් වේ. ප්‍රේත ‍ෙදා්ෂ, දේව කෝපයන්ට ලක්වීමට හැකිය. මානසික ආතතිය ඇතිවේ. විකාර සිහින පෙනේ.

අංක 09: (සුබයි)

පොල් ගෙඩියේ මුඩ්ඩ සහිත කොටස කුඩු වී යන ආකාරයෙන් පොල් බිඳී යෑම සෙත් ශාන්තියක් උදෙසා ගැහුවා නම් ඉතා යහපත් ප්‍රතිපල ලැබේ. නපුරු සිතකින් සතුරකු උදෙසා ගැසුවා නම් එයද සාර්ථකව ඉටු වේ. පොදුවේ ගත්කල හොඳටත් නරකටත් දෙකටම යහපත් බිඳී යෑමක් ලෙස සැලකිය හැකිය.

අංක 10:  (මිශ්‍ර පල)

සෙත් ශාන්තියක් වෙනුවෙන්, සුබ කටයුත්තක් වෙනුවෙන් ගැසුවා නම් බලාපොරොත්තු වන තරමට යහපත් ප්‍රතිඵල නොලැබේ. නපුරකට ගැසුවා නම් ඔබට පක්ෂව ඉතා සුබ ප්‍රතිඵල ලැබේ. සතුරන් මර්දනය වී උවදුරු දුරුවේ.

අංක 11: (සුබයි)

රූපයේ දැක්වෙන ආකාරයෙන් පොල් ගෙඩිය කොටස් තුනකට බිඳී ගියේ නම් එය ඉතා යහපත් ප්‍රතිඵල ලැබීමක් පෙන්නුම් කරයි. සෙත් ශාන්තියක් උදෙසා ගැසුවේ නම් ඉතා යහපත් ප්‍රතිඵල ලැබේ. සතුරු උවදුරු දුරුවේ, ජය නියත වේ.

අංක 12: (මිශ්‍ර පල)

රූපයේ දැක්වෙන ආකාරයෙන් පොල් ගෙඩිය සුනුවිසුනු වී ගියේ නම් යහපත් දෙයකට, සුබ ශාන්තියකට ඉතා අයහපත් ප්‍රතිපල උදාවන බව පෙන්නුම් කරයි. නරකට තම සතුරන්ට දඬුවම් ලබාදීම වෙනුවෙන් ගැසුවා නම් ඒ ඉතාම සාර්ථක වේ. පොල් බිඳී ගිය ආකාරයෙන්ම සතුරන් විනාශ වී යයි. තමන්ට බලපවත්නා වස්‍ෙදාස් දුරුවීම පිණිස ගැහුවා නම් එය ඉතාම සුබ වේ. පොල් බිඳීයන ආකාරයෙන් සියලු වස් ‍ෙදාස් සිඳී බිඳී යයි. පොදුවේ හොඳට ගැසුවා නම් නරකද, නරකට ගැසුවා නම් හොඳද වේ. කෙසේ කොහොම නමුත්, පොල් ගැසීමේ පූජා කර්මය ඉතා බලවත් හා අත්දුටු ශාස්ත්‍රයකි.

දෙවියන්ට සෘජුවම තමන්ගේ දුක් ගැනවිලි කියා පිහිට පැතීමට පහසුම සහ හොඳම ක්‍රමයකි. මෙය නරකට නොව ඔබේ යහපතට, සෙත ශාන්තිය පිණිසම භාවිත කරන්නේ නම් ඔබට කිසිදා වරදක් නොවනු ඇත. සතුරු කරදර වෙනුවෙන් වුවත් පළි පොල් ගැසීම් සිදු නොකළ යුතුය. මන්ද ඒවායේ පල විපාක වශයෙන් අපටද යම් කලකදී විඳවීම්වලට ලක්වීමට සිදු වනු ඇත. ඒ වෙනුවට සතුරු කරදර ඇති ඔබ පළි පොල් ගසනවා වෙනුවට සතුරන්ගෙන් ඔබට සිදු විය හැකි විපත්වලින් ආරක්ෂා කොට පිහිට ලබා දෙන ලෙස දෙවියන්ගෙන් ඉල්ලා පොල් ගැසීමක් සිදු කළ හැකිය. එයින් ඔබට සිදු වන පාපයක්ද නැත. සතුරන් විසින් කරන කිසිදු දෙයකින් ඔබට බලපෑමක්ද නොවනු ඇත.

දේවගැඹති

ජෙරමි නෙහාර්

ශ්‍රී මහා දුර්ගා මාතා කෝවිල, ජාඇළ

0761084190-0710190219