කතරගම ගිය කාරය මහමඟදී ගිනිබත්

0
12

කතරගම වන්දනාවේ පැමිණෙමින් තිබුණ කාරයක් ඊයේ (26දා) රාත්‍රියේ කතරගම ලුණුගම්වෙහෙර මැණික්වල හරියේදී කාර්මික දෝෂයක් හේතුවෙන් ගිනිගෙන දැවී තිබේ. කාරයේ ගමන්ගත් දෙදෙනා ගින්න හටගත් අවස්ථාවේම කාරයෙන් එළියට පැන දිවි බේරාගෙන ඇති වග කතරගම පොලිසිය පවසයි.

කාරයේ පැමිණි දෙදෙනා එ‍ෙ¾ඩ්රමුල්ල පන්සල අසල පදිංචිකරුවෝ වෙති. කතරගම වැඳ පුදා ගැනීමට පැමිණෙමින් සිටියදී මෙම අකරතැබ්බයට මුහුණ පා ඇති බව කතරගම පොලිසිය සඳහන් කරයි. කාරය සහමුලින්ම ගිනිගෙන දැවී විනාශ වී ඇති බව පොලිසිය පවසයි. ඉදිරි පරීක්ෂණ පැවැත්වෙයි.

කතරගම ආරියපාල රත්නායක

තිස්සමහාරාම _ අසිත වීරසිංහ