ඊයේ කොවිඩ් රෝගීන් 154ක්; මරණ 4ක්

0
25

කොවිඩ් _ 19 ආසාදිතයන් 154 දෙනකු ඊයේ (27දා) වාර්තා වී ඇති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කර ඇත.

කොවිඩ් මරණ 4ක්ද ඊයේ (27දා) වාර්තා වී ඇති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කර තිබේ.

මේ වන විට මෙරටින් හමු වූ සමස්ත කොවිඩ් -19 ආසාදිතයන්ගේ සංඛ්‍යාව 6,65,248කි.

ඊයේ (27දා) වාර්තා වූ කොවිඩ් මරණ අතරින් අවුරුදු 30ත් 59ත් අතර වයස් කාණ්ඩයේ එක් කාන්තාවක්ද අවුරුදු 60ට සහ ඊට වැඩි වයස් කාණ්ඩයේ පිරිමි පුද්ගලයන් දෙදෙනෙක් සහ එක් කාන්තාවක් සිටින බවට වාර්තා වී ඇත.

ඒ අනුව මෙරට සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 16,548ක් ලෙස වාර්තා වේ. මේ අතර කොවිඩ් -19 රෝග ලක්ෂණ පෙන්වන දරුවන් පාසල් පෙර පාසල් හෝ දිවා සුරැකුම් මධ්‍යස්ථාන වෙත යොමු නොකරන ලෙසත් එසේ යැවීමෙන් රෝගය පැතිරයෑම වේගවත් විය හැකි බවත් ළමා රෝග විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා පවසයි.  

ක්‍රිෂාන් පතිරත් ජයසූරිය