ඉදිරි ඡන්දයකදී පොහොට්ටුව මහින්ද යටතේ තරග වදිනවා

0
39

රාජපක්ෂවරු දේශපාලනයෙන් ඉවත් කිරීමට කවරෙකු හෝ සූදානම් වෙනවා නම් එය සිහිනයක් පමණක් බව ශ්‍රී  ලංකා පොදුජන පෙරමුණේ ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි ඉන්දික අනුරුද්ධ පැවැසුවේය.

එසේම ශ්‍රී  ලංකා පොදුජන පෙරමුණ විනාශ කිරීමට කිසිවකුට ඉඩ නොදෙන බවද පොදුජන පෙරමුණ ශක්තිමත්ව ඉදිරියේදී දේශපාලන කටයුතුවල නිරත වන බවද ඉන්දික අනුරුද්ධ මන්ත්‍රිවරයා කීය.

ශ්‍රී  ලංකා පොදුජන පෙරමුණේ බලගැන්වීම් කටයුතු මේ වන විටත් සාර්ථකව කරගෙන යන බවද ඒ සඳහා පක්ෂයේ ජාතික සංවිධායක හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ විසින් මේ වන විටත් පියවර රැසක් ගනිමින් තිබෙන බවද ඉන්දික අනුරුද්ධ පැවැසුවේය.

තම පක්ෂය පිළිබඳව ජනතාවගේ මතය ඉදිරි මැතිවරණයකදී බලාගත හැකි බව කී මන්ත්‍රිවරයා ජනතාව තම පක්ෂය ප්‍රතික්ෂේප කරනවා නම් එය භාරගැනීමට පක්ෂයක් ලෙස සූදානම් බවද කීය.

තම පක්ෂයේ නායකයා ලෙස හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා දිගටම ක්‍රියා කරන බවද ඔහුගේ නායකත්වය යටතේ ඉදිරි මැතිවරණ සඳහා ඉදිරිපත් වීමට පක්ෂය කටයුතු කරන බවද ඉන්දික අනුරුද්ධ මන්ත්‍රිවරයා කීය. ඉදිරි ඡන්දයකදී පොහොට්ටුව මහින්ද යටතේ තරග වදිනවාශ්‍රී  ලංකා පොදුජන පෙරමුණේ මාධ්‍ය හමුවකට එක්වෙමින් ඊයේ (27දා) ඉන්දික අනුරුද්ධ මන්ත්‍රිවරයා මෙම අදහස් පළ කළේය.