ඇමරිකන් තානාපතිනිය ජනපති රනිල් හමුවේ

0
27

ඇමරිකා එක්සත් ජනපද තානාපතිනි ජූලි චංග්, ජනාධිපති රනිල් වික්‍රමසිංහ හමුවී සුබපැතුම් පිරිනමා සුහද කතාබහක නිරත වූවාය.  මෙම හමුව (27දා) ජනාධිපති කාර්යාලයේදී වූ බව ජනාධිපති මාධ්‍ය අංශය කියයි.

ශ්‍රී  ලංකාව සහ එක්සත් ජනපදය අතර පවතින සබඳතා ශක්තිමත් ප්‍රවේශයක් ඔස්සේ ඉදිරියට ගෙනයෑම පිළිබඳව මෙහිදී සාකච්ඡා කෙරුණු අතර නව රජයේ ඉදිරි කටයුතු වෙනුවෙන් සහාය ලබා දෙන බවටද තානාපතිනිය සහතික වූ බවද ජනාධිපති මාධ්‍ය අංශය කියයි.