වජිර මන්ත්‍රී ධූරයේ දිවුරුම් දෙයි

0
368

එක්සත් ජාතික පක්ෂ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරයේ වජිර අබේවර්ධන මහතා මීට සුළු වේලාවකට පෙර දිවුරුම් දුන්නේ ය.

ඔහු දිවුරුම් දුන්නේ, කතානායක මහින්ද යාපා අබේවර්ධන ඉදිරියේදී ය.

රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති ධූරයට තේරී පත් වීමෙන් අනතුරුව පාර්ලිමේන්තුවේ එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රී අසුන පුරප්පාඩු විය.

අනතුරුව එම පක්ෂය විසින් අදාළ මන්ත්‍රී ධූරය සඳහා එක්සත් ජාතික පක්ෂයේ සභාපති වජිර අබේවර්ධනගේ නම යෝජනා කර පසුව එය මැතිවරණ කොමිෂන් සභාව මගින් ගැසට් කිරීම පසුගිය දා සිදු කෙරිණි.

දේශපාලන ආරංචි මාර්ග සඳහන් කළේ, මන්ත්‍රී ධූරයට අමතරව සර්ව පාක්ෂික ආණ්ඩුවක් යටතේ කැබිනට් අමාත්‍ය ධූරයක්ද ඔහුට හිමි වනු ඇති බව ය.