SINGER FINANCE නවතම ශාඛාව දෙහිවල නගරයේ

0
19

SINGER FINANCE PLC, ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් නවතම ශාඛාව දෙහිවල නගරයේ ජූලි මස 21 වැනි දින විවෘත කරන ලදී. SINGER FINANCE PLC දෙහිවල ශාඛාව 46 වැනි ශාඛාව වන අතර එම ශාඛාව දෙහිවල නගරයේ නො. 29, දුම්රියපොළ පාර යන ලිපිනයේ පිහිටා ඇත. මෙම නවතම ශාඛාව හරහා SINGER FINANCE PLC විසින් මෙරට මූල්‍ය ක්‍ෂේත්‍රය තුළ ඉටු කරනු ලබන සියලුම මූල්‍ය සේවාවන් ලබාදීමට කටයුතු කරනු ලබන අතරම, ඒ වෙනුවෙන් ශාඛා කළමනාකරු සහ ශාඛා කාර්ය මණ්ඩලය නිරන්තරයෙන් සැදී පැහැදී සිටියි. පාරිභෝගික භවතුන්ට ළඟාවීමට පහසු, ව්‍යාපාර කටයුතු සඳහා හිතකර පරිසරයක් නිර්මාණය කර ඇති අතර සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේදයන්ට අනුගත වෙමින් ව්‍යාපාර කටයුතු සිදුකිරීම සඳහා නව ශාඛාව තුළ සියලුම කටයුතු සූදානම් කර තිබේ.

රන් ණය සේවාව, ඉතුරුම් ගිණුම් සේවාව, ස්ථාවර තැන්පතු, වාහන ලීසිං සේවා, නිවාස ණය, උසස් අධ්‍යාපන ණය යෝජනා ක්‍රම සහිත විවිධ මූල්‍ය සේවා රැසක් මෙන්ම බිල්පත් ගෙවීම් වෙනුවෙන්ද. මෙම නවතම ශාඛාව විවෘතව පවතී.

SINGER FINANCE PLC, A- (lka) Rating Watch Negative Fitch ශේ්‍රණිගත කිරීම සතු, ශ්‍රී  ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලයේ 2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පනත යටතේ ලියාපදිංචි මූල්‍ය සමාගමකි. 2019 සිට පුරා වසර 4ක් නොකඩවා Great Place to Work සම්මානය දිනා ගනිමින්, මෙරට ජනතාවගේ හදගැස්ම හොඳින් හඳුනන, මූල්‍ය සවියක් වූ මූල්‍ය සේවා ආයතනයක් බවට පත්ව ඇත. එහි ශාඛා ජාලයට එක්වූ දෙහිවල ශාඛාව සවිමත් විශ්වාසනීය මූල්‍ය සේවා සැපයීමේ ගමනක මුලාරම්භය මෙලෙස සනිටුහන් කරති.