QR කේතයත් කළු කඩේට ගිහින්

0
251

කියු.ආර් කේතය යටතේ ඉන්ධන ලබා ගැනීම සඳහා ලියාපදිංචි සහතිකය අන්තර්ජාලයෙන් ලබා ගැනීමට ඇතැම් කොමියුනිකේෂන් හිමිකරුවෝ රුපියල් 200 සිට 250 දක්වා මුදලක් ලබා ගන්නා බව පාරිභෝගිකයෝ පවසති. මේ සඳහා ප්‍රදේශයේ නගරවල මේ සඳහා දිගු පෝලිම් දක්නට ලැබෙන බව වාර්තාවේ.

ඇත්ත වශයෙන්ම මෙම සහතිකය ලබා ගැනීමට වැය වන්නේ රුපියල් 50/=කටත් වඩා අඩු මුදලක් බව මෙම තාක්ෂණය ගැන දන්නා පුද්ගලයෝ පවසති. එසේ තිබියදී කල දුටුකල වළ ඉහ ගන්නා මෙවැනි කොමියුනිකේෂන් හිමිකරුවෝ පාරිභෝගිකයන් ගසාකෑමට දිගින් දිගටම පටන්ගෙන ඇති බව වාර්තා වේ. දැඩි ආර්ථික පීඩනය මධ්‍යයේ ජීවත්වන ජනතාවට මෙම අමතර වියදමක් දැරීම මහත් පීඩාවක් වී ඇත.

මේ නිසා මේ සඳහා සුළු මුදලක් අයකරගෙන ප්‍රාදේශීය ලේකම් කාර්යාල මට්ටමින් හෝ විකල්ප වැඩපිළිවෙළක් සකස් කරන ලෙස පාරිභෝගිකයෝ අදාළ බලධාරීන්ගෙන් ඉල්ලා සිටිති. මේ පිළිබඳව කොමියුනිකේෂන් හිමිකරුවෝ පවසන්නේ මිල ඉහළ ගොස් ඇති කඩදාසි මුද්‍රණ තීන්ත ඇතුළු අමුද්‍රව්‍ය හා සේවක වැටුප් හේතුවෙන් මෙවැනි මුදලක් අය කිරීමට සිදුවී ඇති බවයි.

 ගලේවෙල – තිලක් පල්ලේගෙදර