ගෝඨාභය ගැන සිංගප්පූරුව ගෙන ඇති තීරණය

0
683

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සිංගප්පූරුවේ රැඳී සිටින කාලය දීර්ඝ කිරීමට නියමිත බව එරට The Straits Times පුවත්පත වාර්තා කරයි.

ඔහු සති දෙකකට පෙර පෞද්ගලික සංචාරයක් සඳහා සිංගප්පූරුවට පැමිණි අවස්ථාවේදී නිකුත් කර තිබූ ඔහුගේ කෙටි කාලීන සංචාරක බලපත්‍රය තවත් දින 14කින් දීර්ඝ කර ඇති බව The Straits Times පුවත්පතට වාර්තා වූ බව එහි දැක්වේ.

එම පුවත්පත පෙන්වා දෙන්නේ, කැබිනට් ප්‍රකාශක බන්දුල ගුණවර්ධන ඊයේ (ජූලි 26) මාධ්‍යවේදීන් අමතමින් හිටපු ජනාධිපතිවරයා නැවත ශ්‍රී ලංකාවට පැමිණීමට අපේක්ෂාවෙන් සිටින බව ප්‍රකාශ කිරීමෙන් අනතුරුව මේ බව වාර්තා වුණු බව ය.

හිටපු ජනාධිපතිවරයා නැවත පැමිණෙන්නේ කවදාදැයි තමන් නොදන්නා නමුත් රාජපක්ෂ මහතා සැඟවී නොසිටි බව බන්දුල ගුණවර්ධන මහතා කැබිනට් මාධ්‍ය හමුව අමතමින් ඊයේ පැවසීය.

හිටපු ජනාධිපතිවරයාට හැකි ඉක්මනින් නිවසට පැමිණීමට අවශ්‍ය බව ත් කොළඹට තදාසන්නයේ පිහිටි ඔහුගේ පෞද්ගලික නිවසේ නැවත ජීවත් වීමට උනන්දුවක් දක්වන බව ත් ප්‍රකාශ කළ බව අනන්‍යතාව හෙළි නොකරන ලෙස සඳහන් කළ මෙරට රජයේ නිලධාරියෙකු පැවසූ බව Bloomberg උපුටා දක්වමින් The Straits Times වාර්තා කර ඇත.

ජූලි 14 වන දින, හිටපු ජනාධිපතිවරයා මාලදිවයිනේ සිට සෞදි ගුවන් යානයකින් චැන්ගි ගුවන් තොටුපළට පැමිණි විට දින 14ක සංචාරයක වීසා බල පත්‍රයක් නිකුත් කර තිබේ.

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ වෙත නිකුත් කර ඇති නව වීසා බලපත්‍රයේ වලංගු කාලය අගෝස්තු 11 දිනෙන් අවසන් වන බව The Straits Times වර්ත්හා කර ඇත.

එහි තව දුරටත් දැක්වෙන්නේ, හිටපු ජනාධිපතිවරයා සිංගප්පූරුවට පැමිණි මුල් දින කිහිපයේ නගර මධ්‍යයේ හෝටලයක නැවතී සිටි නමු ත් ඔහු පෞද්ගලික නිවසකට ගොස් ඇතැයි විශ්වාස කරන බව ය.

ඔහු පැමිණි දා ප්‍රසිද්ධියේ දක්නට නොලැබුණු බව එම අදාළ වාර්තාවේ දැක්වේ.

ජූලි 14 වන දා පැමිණ ටික වේලාවකට පසු, සිංගප්පූරු විදේශ කටයුතු අමාත්‍යංශයේ ප්‍රකාශකයෙකු රාජපක්ෂ මහතාට පෞද්ගලික සංචාරයක් සඳහා ඇතුළු වීමට අවසර දී ඇති බව තහවුරු කළ අතර, ඔහු සරණාගතභාවය ඉල්ලා නොසිටි බව ත්, සරණාගතභාවය ලබා නොදුන් බව ත් පැවසීය.

සිංගප්පූරුව සාමාන්‍යයෙන් සරණාගත ඉල්ලීම් ලබා නොදෙන බව ප්‍රකාශකයා වැඩිදුරටත් ප්‍රකාශ කර තිබිණි.

පසුගිය බදාදා (ජූලි 20) සිංගප්පූරු ආගමන හා මුරපොළ අධිකාරිය (ICA) මාධ්‍යට ප්‍රකාශ කර තිබුණේ, සංචාර සඳහා සිංගප්පූරුවට ඇතුළු වන ශ්‍රී ලංකාවේ අමුත්තන්ට සාමාන්‍යයෙන් 30ක් දක්වා කාලයකට සීමා වූ කෙටි කාලීන සංචාරක බලපත්‍රයක් නිකුත් කිරීම එම අධිකාරිය කටයුතු කරන බව ය.

සිංගප්පූරුවේ රැඳී සිටීමට අවශ්‍ය අයට ඔවුන්ගේ සංචාරක බලපත්‍රය දීර්ඝ කිරීම සඳහා ඉන්ටර්නෙට් ඔස්සේ අයැදුම් කළ හැකි බව ත් අයැදුම්පත් එක් එක් සිද්ධිය අනුව සලකා බලන බව ත් ICA සඳහන් කළ බව The Straits Times පුවත්පත වැඩිදුරටත් වාර්තා කර ඇත.