කඳුළු ගෑස් උණ්ඩ සොරකම් කළ පුද්ගලයෙක් අත්අඩංගුවට

0
358

පොල්දූව මංසන්දිය අසල පසුගිය 13 වන දා පැවත්වූ විරෝධතාවක් අතරතුර සොරා ගෙන ගොස් තිබූ කඳුළු ගෑස් උණ්ඩ 5ක් සමග සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 26ක් වන ඇතුළුකෝට්ටේ ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

පොලිසිය ඳහන් කළ්, පසුගිය 13 වන දා පොල්දූව මන්සන්ධියේ පැවති විරෝධතාව පාලනය කිරීම සඳහා පොලිස් මහජන සාමය කළමණාකරන කොට්ඨාසයට අයත් ත්‍රිරෝද රථයකින් මෙම කදුළු ගෑස් උණ්ඩ ප්‍රවාහනය කර ඇති අතර එම අවස්ථාවේදී එහි සිටි විරෝධතාකරුවන් කඳුළු ගෑස් උණ්ඩ සොරා ගෙන ගොස් ඇති බව ය.

සිද්ධිය සම්බන්ධයෙන් බස්නාහිර පළාත් දකුණ අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් විමර්ශන සිදු කර ඇති අතර ඒ අනුව අදාළ සැකකරු ඊයේ (ජූලි 26) දිනයේදී අත්අඩංගුවට ගෙන ඇත.

සැකකරු අද (ජූලි 27) දින අලුත්කඩේ අංක 4 දරන මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බව පොලිසිය පැවසීය.

සිද්ධිය සම්බන්ධයෙන් වැලිකඩ පොලිසිය විමර්ශන සිදු කරයි.