ජනපති සහ අමෙරිකානු තානාපතිනිය අතර හමුවක්

0
458

අමෙරිකානු තානාපතිනි ජූලි චං අද (ජූලි 27) ජනාධිපති රනිල් වික්‍රමසිංහ හමු වී තිබේ.

මේ පිළිඳව ටව්ටිර් පණිවිඩයක් නිකුත් කරමි ඇය සඳහන් කළේ, එහිදී ආර්ථික හා දේශපාලන අර්බුදකාරී අවස්ථාවට රට පැමිණි ආකාරයත්, රට නැවත දීප්තිමත් අනාගතයක් කරා ගමන් කිරීමට එක්ව කටයුතු කරන්නේ කෙසේ ද යන්නත් පිළිබඳව මෙම හමුවේදී ජනාධිපතිවරයා සමග සාකච්ඡා කළ බව ය.

ජනාධිපති ලේකම් කාර්යාලයේදී ඇය රනිල් වික්‍රමසිංහ මහතා හමු වූ බව ඇය නිකුත් කළ ට්විටර් පණිවිඩයේ සහන් කර ඇත.

“අද ජනාධිපති ලේකම් කාර්යාලයේදී ජනාධිපතිතුමා හමුවුණා. එතුමා වැඩ භාර ගන්නේ ශ්‍රී ලංකාවේ සන්ධිස්ථානීය මොහොතකයි. ආර්ථික හා දේශපාලන අර්බුදකාරී අවස්ථාවකට රට පැමිණි ආකාරය ත්, රට නැවත දීප්තිමත් අනාගතයක් කරා ගමන් කිරීමට එක්ව කටයුතු කරන්නේ කෙසේ ද යන්න ත් පිළිබඳව අපි සාකච්ඡා කළා.”

මේ සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරමින් ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ, ශ්‍රී ලංකාව සහ එක්සත් ජනපදය අතර පවතින සබඳතා ශක්තිමත් ප්‍රවේශයක් ඔස්සේ ඉදිරියට ගෙන යාම පිළිබඳ එහිදී සාකච්ඡා කෙරුණු අතර නව රජයේ ඉදිරි කටයුතු වෙනුවෙන් සහය ලබා දෙන බවට තානාපතිනිය සහතික වූ බව ය.