හදිසි නීති ඡන්දයේදී මැතිසබේ විකෘතිය ඔප්පු වේවි

0
60

රනිල් වික්‍රමසිංහ ජනාධිපති කිරීමට පාර්ලිමේන්තුවේ ඡන්දය දුන් 134න්  බහුතරයක් අද හදිසි නීතිය සම්මත කරගැනීමට ඡන්දය නොදෙන බවත් මෙයින් පාර්ලිමේන්තුවේ විකෘතිභාවය තව තවත් ඔප්පු කොට ගත හැකි බවත් ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රචාරක ලේකම්, ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි විජිත හේරත් පැවැසීය.

 ඔහු ‘මව්බිම’ට  පැවැසුවේ ජනාධිපති ඡන්දයට විකිණුනු  මහජන  නියෝජිතයන් බොහෝදෙනකුට    හෘද සාක්ෂියක් ඇතිව හදිසි නීතිය සම්මත  කිරීමට අත එසවිය නොහැකි බවත් බොහෝ දෙනෙක් අද පාර්ලිමේන්තු නොපැමිණීමට පවා ඉඩ ඇති බවත්ය.

“රටේ මිනිස්සු බිය වද්දන්නයි ජාත්‍යන්තර සහාය  ගන්නයි  දෙකක් කිරීමට රනිල් වික්‍රමසිංහ  මහතාට නොහැකි බවද මන්ත්‍රිවරයා පැවැසීය.

 විශේෂයෙන්ම ජාතික ජන බලවේගය හදිසි නීතියට මුල සිටම විරුද්ධ බැවින් මීට එරෙහිව ඡන්දය භාවිත කරන බවත්  ප්‍රජාතන්ත්‍රවාදය ජතධඵඥ භන කර ඒකාධිපති මර්දනයකට පාර කපා ගැනීමක් හදිසි නීතිය හරහා සිදුවන බවත් ඔහු කීය.

 මේ වන විටත් මෙම නීතිය හරහා ෆේස්බුක් ඇතුළු සමාජ මාධ්‍ය ජාලා ක්‍රියාකාරීන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරමින් සිටින බවද විජිත හේරත් මහතා පැවැසීය.

 විශේෂයෙන්ම ජාත්‍යන්තර මූල්‍ය අරමුදල, යුරෝපා සංගමය, මානව හිමිකම් කොමිසම ඇතුළු සංවිධාන ආණ්ඩුවේ මෙම ප්‍රජාතන්ත්‍රවාදී විරෝධයට එරෙහිව සිය මතය ඉදිරිපත් කර ඇති අතර රට තුළ ඇති සාමකාමී  විරෝධතා හා මිනිසුන්ට කතා කිරීමේ ඇති අයිතියට සමාජ මාධ්‍යවල අදහස් පැවැසීමට ඇති අයිතිය උල්ලංඝනය කරමින් මෙම සිදු කරන ක්‍රියාව ජාත්‍යන්තරය අනුමත නොකරන බවද හෙතෙම වැඩිදුරටත් පැවසීය.

අනුරාධා හේරත්