සංක්‍රාන්තික ලිංගික ප්‍රජාවට සිදුවන පීඩා හෙළා දැකීමේ සහ දැනුවත් කිරීමේ රැලියක් යාපනය විශ්වවිද්‍යාලයේ සිසුන්ගේ සහභාගිත්වයෙන් පෙරේදා (25දා) යාපනය විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.
සංක්‍රාන්තික ලිංගික ප්‍රජාව මුහුණදෙන ගැටලු හා ඒ සම්බන්ධයෙන් පවතින සමාජ ආකල්ප වෙනස් කිරීම උදෙසා අදාළ දැනුවත් කිරීමේ රැලිය සංවිධානය කොට තිබිණි.
රැලිය අවසානයේදී සංක්‍රාන්තික ලිංගික ප්‍රජාව සම්බන්ධයෙන් හා ඔවුන්ට සමාජ පිළිගැනීමක් ලබාදීම පිළිබඳ සාකච්ඡාවක්ද සිදුකළහ.
වැඩසටහනට යාපනය විශ්වවිද්‍යාල සිසුන් හා ආචාර්ය මණ්ඩලයේ පිරිසක් දැනුවත් කිරීමේ රැලියට එක්ව සිටියහ.
වවුනියාව – එන්. ප්‍රියදර්ශනි