ශ්‍රී ලංකාව හෙට නේපාලය සමඟ සටනේ

0
28

මේ දිනවල ඉන්දියාවේදී පැවැත්වෙන වයස අවුරුදු 20න් පහළ ‘සාෆ්’ (SAFF) පාපන්දු ශුරතා තරගාවලියේ ශ්‍රී  ලංකාව මුහුණදෙන මීළඟ තරගය අද (27දා) රාත්‍රියේදී නේපාලය සමඟින් පැවැත්වීමට නියමිතව ඇත.

කෙසේ වෙතත් මෙම තරගාවලියේ මූලික වටයේ ශ්‍රී  ලංකාව මුහුණදුන් පළමු තරගය පසුගියදා (25දා) පැවැත්විණි. බංග්ලාදේශය සමඟින් පැවැති එම තරගයෙන් අවාසනාවන්ත ලෙස ගෝල 1-0ක පරාජයක් අත්විඳීමට ශ්‍රී  ලංකාවට සිදුවිය.

මෙම තරගාවලියේදී ශ්‍රී  ලංකාව මුහුණදෙන තවත් තරගයක් 29 වැනිදා සත්කාරක ඉන්දීය කණ්ඩායම සමඟින් පැවැත්වීමට නියමිතව ඇති අතර, මූලික වටයේ ශ්‍රී  ලංකාව සහභාගි වන අවසන් තරගය 31 වැනිදා මාලදිවයින් කණ්ඩායම සමඟින් පැවැත්වේ.

මෙහිදී ශ්‍රී  ලංකාව නියෝජනය කරමින් ක්‍රීඩකයන් 23 දෙනකුගෙන් සමන්විත ශ්‍රී  ලංකා සංචිතයේ නායකත්වය තේෂාන් තුෂ්මික දරන අතර, මොහොමඩ් කලික් උපනායකයා ලෙස කටයුතු කරයි.

ශ්‍රී  ලංකා 20න් පහළ සංචිතය – තෙෂාන් තුෂ්මික (නායක), මොහොමඩ් කලීක් (උප නායක), ඩෙරික් ප්‍රනාන්දු, මොහොමඩ් ශුයිබ්, සමුනු කග්ගොඩආරච්චි, නික්සන් ඇන්තනී, නිමේෂ් තිවංක, මොහොමඩ් ශකීල්, මුහන්මිදු මුන්සිෆ්, නදීම් අහමඩ්, මොහොමඩ් ඉෂාන්, මොහොමඩ් තිලාම්, ෆිරාස් සීර්, මොහොමඩ් හෆීල්, පැතුම් ගිම්හාන්, මොහොමඩ් රිකාස්, ශේන් භානුක, මධූෂ සන්දීප, නවෝද් ලක්ෂිත, ශහිල් ශිහාන්, ජෙරාඩ් ජෙරොම්, ජූඩ් රෝජන්, සුතාකර් රිනොද්කිලෙයිමන්.