ව්‍යාපාර පුළුල් කිරීමට අමෙරිකාව SK සමූහය සමඟ සාකච්ඡා

0
38

අමෙරිකානු නිෂ්පාදන හා රැකියා උත්පාදනය වෙනුවෙන් ලබා ගත හැකි දායකත්වය පිළිබඳ අවධානය යොමු කිරීමේ අරමුණ සහිතව අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩන් මහතා හා දකුණු කොරියාවේ SK සමූහයේ සභාපතිවරයා සමඟ සකාච්ඡා කිරීමට තීරණය කර ඇති බව පසුගියදා ධවල මන්දිරයෙන් වාර්තා වූ බව රොයිටර් පුවත් සේවය වාර්තා කළේය.

එම සාකච්ඡාවට එක්සත් ජනපද වාණිජ ලේකම් ජිනා රයිමන්ඩූ (Gina Raimondo) මහත්මියද සහභාගි වන බවටද වාර්තා විය. SK සමූහයේ සභාපතිවරයා චේ තයි වොන් (Chey Tae-won) මහතා පසුගිය වසරේදී ප්‍රකාශ කළේ, මෙම ව්‍යාපාරය දකුණු කොරියාවේ සැම්සුන්ග් (Samsung) සමාගමට පසු එම රටේ දෙවැනියට විශාලතම ව්‍යාපාර සමූහය වන බවත් 2030 වසර වන විට අමෙරිකානු ඩොලර් බිලියන 52ක් ආයෝජනය කිරීමට නියමිත බවයි. මෙම සාකච්ඡා එහි පියවරක් විය හැකි බව විචාරකයන් පෙන්වා දෙයි.