රු.800 ගාණේ විකුණන්න සැඟවූ ඩීසල් ලීටර් 4,000ක් පොලිස් භාරයට

0
21

හම්බන්තොට යුද හමුදා බුද්ධි අංශයේ නිලධාරීන්ට ලද තොරතුරකට අනුව හම්බන්තොට මරේ පාරේ නිවෙසක කළ සෝදිසියකදී වැඩි මිලට අලෙවි කිරීමට නිවෙසක සඟවා තිබූ ඩීසල් ලීටර් 4,000ක් සමඟ පුද්ගලයකු හම්බන්තොට පොලිසියේ දූෂණ මර්දන අංශයේ නිලධාරීන් විසින් පෙරේදා (25දා) සවස අත්අඩංගුවට ගෙන තිබේ.

මෙලෙස අත්අඩංගුවටගෙන ඇත්තේ හම්බන්තොට පදිංචි 57 හැවිරිදි පුද්ගලයෙකි. අත්අඩංගුවට පත් සැකකරු සිය නිවෙසේ සඟවා ඩීසල් ලීටරයක් රුපියල් 800යක මිලකට අලෙවි කරන බවට ලද තොරතුරකට අනුව වැටලීම කර තිබේ. සැකකරු හම්බන්තොට මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

හම්බන්තොට මූලස්ථාන පොලිස් පරීක්ෂක චමින්ද එදිරිසූරිය මහතාගේ උපදෙස් පරිදි දූෂණ මර්දන අංශයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක කණ්ඩම්බි, පොලිස් කොස්තාපල්වරුන් වන ප්‍රගීත් (67264), මිගාර (82534) යන නිලධාරීන් එක්ව වැටලීම සිදුකර සැකකරු අත්අඩංගුවට ගෙන තිබේ.

මත්තල _ ඩී. එන්. ජයසේකර