රාජකීය සහ ශාන්ත ජෝන්ට ඉනිමක ජයක්

0
22

ශ්‍රී ලංකා ක්‍රිකට් අනුග්‍රහය ඇතිව ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය විසින් සංවිධානය කරනු ලබන අවුරුදු 15න් පහළ අන්තර් පාසල් පළමු කොටසේ ක්‍රිකට් තරගාවලියේ පසුගියදා පැවැති තරගවලදී පූර්ණ ජය හිමිකර ගැනීමට කොළඹ රාජකීය, පානදුර ශාන්ත ජෝන් සහ මහනුවර කිංග්ස්වුඩ් යන කණ්ඩායම් සමත්විය.

මෙම තරගයකදී ඉබ්බාගමුව මධ්‍ය මහා විද්‍යාලයට එරෙහිව තුන් ඉරියව් දස්කම් දැක්වීමට මහනුවර කිංග්ස්වුඩ් විද්‍යාලයේ කෙනුල පිහිලියංග සමත්විය. කොට්ටාව ධර්මපාල විදුහලේ සෙනුල ලියනගේද තුන් ඉරියව් දස්කම් දැක්වූ අතර, මදූෂ චමෝද් (පානදුර ශාන්ත ජෝන්), ගජිත සහිරු (ගාල්ල විද්‍යාලෝක), චරිනු ප්‍රනාන්දු (පානදුර ශාන්ත ජෝන්), දහම් සත්සර (බලපිටිය රේවත) සහ උතුම් වියඟ (කළුතර විද්‍යාලය) යන ක්‍රීඩකයෝ පන්දුවෙන් දස්කම් දැක්වූහ.

මෙම තරගවලදී කොට්ටාව ධර්මපාල, මීපාවල අමරසූරිය, කළුතර විද්‍යාලය යන කණ්ඩායම් පළමු ඉනිමේ ජය වාර්තා කළහ. 

කොළඹ රාජකීය – කොළඹ ඩි ලා සාල්

ඩි ලා සාල් පළමු ඉනිම – 47 (උසිත ඉලේපෙරුම 12/4), රාජකීය පළමු ඉනිම – 158/2 (තරුල් අම්පෙමොහොට්ටි 74, හිරුන් මතීෂ 56), ඩි ලා සාල් දෙවැනි ඉනිම – 45 (තෙවිඳු වේවැල්වල 18/4, උසිත ඉලේපෙරුම 9/3)

රාජකීය විද්‍යාලයට ඉනිමක සහ ලකුණු 66ක ජයක්.

පානදුර ශාන්ත ජෝන්_රේවත ම.ම.වි.

රේවත පළමු ඉනිම – 98 (අමීප උපාද්‍ය 32, චරිනු ප්‍රනාන්දු 26/5, දීනුක සංකල්ප 8/3), ශාන්ත ජෝන් පළමු ඉනිම – 172 (තරුල් ලක්සඳ 36, දහම් සත්සර 40/5), රේවත දෙවැනි ඉනිම – 71 (මධූෂ චමෝද් 14/7)

ශාන්ත ජෝන් විද්‍යාලයට ඉනිමක සහ ලකුණු 3ක ජයක්.

මහනුවර කිංග්ස්වුඩ්_ඉබ්බාගමුව ම.ම.වි.

කිංග්ස්වුඩ් පළමු ඉනිම – 160/8 (නිකේෂල නානායක්කාර 81, කෙනුල පිහිලියංග 45, කවීෂ මධුෂාන් 6/2), ඉබ්බාගමුව ම.ම.වි. පළමු ඉනිම -81 (වෙදූෂ අභිමාන් 21, කෙනුල පිහිලියංග 12/5), ඉබ්බාගමුව දෙවැනි ඉනිම – 86 (එරෝෂ් බණ්ඩාර 32, කෙනුල පිහිලියංග 21/4)

කිංග්ස්වුඩ් විද්‍යාලයට කඩුලු 10ක ජයක්.

කොට්ටාව ධර්මපාල _ මාතර ශාන්ත තෝමස්

ශාන්ත තෝමස් පළමු ඉනිම – 82 (අදීෂ කෙලාත් 27, සෙනුල ලියනගේ 19/4), ධර්මපාල පළමු ඉනිම – 200/3 (රුවීන් තරුෂ්ක 50, සෙනුල ලියනගේ 45, දෙනුවන් නෙත්මල් නොදැවී 39), ශාන්ත තෝමස් දෙවැනි ඉනිම – 182/8 (සදිල් ඩයස් 40, ජොසුවා ෂෙනාල් 32, සෙනුල ලියනගේ 60/4)

ධර්මපාල විද්‍යාලයට පළමු ඉනිමේ ජයක්. 

මීපාවල අමරසූරිය_ගාල්ල විද්‍යාලෝක

මීපාවල අමරසූරිය පළමු ඉනිම – 149 (සමෝද් ගිහාන් 43, ගජිත සහිරු  23/6), විද්‍යාලෝක පළමු ඉනිම – 136 (ගජිත සහිරු 31, දහම් දෙනුවන් 30/4, සඳෙව් භාසුර  26/3), මීපාවල අමරසූරිය දෙවැනි ඉනිම – 103/9  (මෙනුත් මෙහංස 20, ගජිත සහිරු 9/2)

මීපාවල අමරසූරිය විද්‍යාලයට පළමු ඉනිමේ ජයක්.

මොරටුව ශාන්ත සෙබස්තියන්_

පිළියන්දල ම.ම.වි.

ශාන්ත සෙබස්තියන් පළමු ඉනිම – 140/9 (මෙෂොන් ප්‍රනාන්දු නොදැවී 62, මතීෂ අනුරුද්ධ 23/2), පිළියන්දල ම.ම.වි. පළමු ඉනිම – 104/6 (බිහාන් ගමගේ නොදැවී 57, ළෙසඳු දෙව්මික 12/2)

තරගය ජය පැරදුමෙන් තොරව අවසන් විය.

කළුතර විද්‍යාලය _ පානදුර රාජකීය

රාජකීය පළමු ඉනිම – 99 (සත්සර සුගතදාස 25, ෂෙවොන් මලිඳු 11/4), කළුතර විද්‍යාලය පළමු ඉනිම – 164/7 (රෂේන් තෙනුර 40, සචින් නෙනුක 42, චලන පෙරේරා 19/4), රාජකීය දෙවැනි ඉනිම – 101/8 (චිරත් ලක්ෂිත 35, උතුම් වියඟ 29/7)

කළුතර විද්‍යාලයට පළමු ඉනිමේ ජයක්.

ඉෂාන් රශ්මිත