යූරියා මෙටි්‍රක් ටොන් විසිදාහක් බෙදා අවසන්

0
19

මෙරටට ගෙන්වා ඇති සියලුම යූරියා පොහොර තොග එළැඹෙන සතිය වන විට බෙදා අවසන් කළ හැකි බව පොහොර ලේකම් කාර්යාලයේ අධ්‍යක්ෂ චන්දන ලොකුහෙවගේ  ‘මව්බිම’ ට පැවැසීය.

ඉන්දියානු ණය ආධාර යටතේ ගෙන්වූ යූරියා  පොහොර තොගවලින් මෙටි්‍රක් ටොන් විසිදහසක් බෙදා අවසන් බවත්, ඉතිරි පොහොර තොග බෙදීමේ කටයුතු ලබන සතිය වන විට බෙදා අවසන් කිරීමට බලාපොරොත්තු වන බවත්  අධ්‍යක්ෂවරයා සඳහන් කළේය.

මේ වන විට යල කන්නයේ වී වගාව හෙක්ටයාර ලක්ෂ පහක පමණ ප්‍රමාණයක සිදු කර ඇති අතර ඒ සඳහා අවශ්‍ය පොහොර තොග බෙදා දෙමින් සිටින බවද ඔහු අවධාරණය කළේය.

වගාව සඳහා අවශ්‍ය කාබනික ඝන පොහොර  සියයට හැටක පමණ ප්‍රමාණයක් බෙදා දී ඇතැයිද හෙතෙම පැවැසීය.

එමෙන්ම මේ වන විට කාබනික දියර පොහොර ලීටර් ලක්ෂ පනස් අටක් , බයෝ දියර පොහොර ලීටර් ලක්ෂ හැට  එකක් බෙදා ඇතැයිද අධ්‍යක්ෂවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

නිර්මාණි ගුණරත්න