මහජන බැංකුවට ජාත්‍යන්තර ගෞරව සම්මාන රැසක්

0
27

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම වාණිජ බැංකුවක් වන මහජන බැංකුව, Global Business Review Magazine 2022 සම්මාන උළෙලේදී සහ International Business Magazine 2022 සම්මාන උළෙලේදී සම්මාන රැසකට පාත්‍ර විය. ඒ අනුව Global Business Review Magazine 2022 විසින් මහජන බැංකුව ‘Most Responsive Bank Sri Lanka 2022’ (ශ්‍රී ලංකාවේ අවශ්‍යතාවන්ට වඩාත්ම වේගයෙන්ම ප්‍රතිචාර දක්වන බැංකුව 2022) ‘Best Consumer Digital Bank Sri Lanka 2022’ (ශ්‍රී ලංකාවේ හොඳම ඩිජිටල් ගනුදෙනු සේවා සපයන බැංකුව 2022) සහ ‘Best Consumer Digital Bank Sri Lanka 2022’ (ශ්‍රී ලංකාවේ හොඳම සංවර්ධන බැංකුව 2022) ලෙසද, International Business Magazine විසින් මහජන බැංකුව, (Best Digital Bank Sri Lanka 2022) ශ්‍රී ලංකාවේ හොඳම ඩිජිටල් බැංකුව ලෙසින් ද ප්‍රකාශයට පත් කරන ලදී.

Global Business Review Magazine සම්මාන උළෙලේදී ලොව පුරා බැංකු, මූල්‍ය, රක්ෂණ, දේපළ වෙළෙඳාම, නායකත්ව සහ තාක්ෂණික වැනි විවිධ ක්‍ෂේත්‍ර රැසක කැපී පෙනෙන ක්‍රියාකාරිත්වයක් ඇති ආයතනවල විශිෂ්ට කාර්ය සාධනයන් ඇගයීමට ලක් කරයි. ඒ තුළින් එම ආයතනවලට ගෝලීය පිළිගැනීමක් ලබාදීම මෙහි අරමුණයි. International Business Magazine සම්මාන උළෙල මඟින් ජාත්‍යන්තර ව්‍යාපාර සහ මූල්‍ය ක්‍ෂේත්‍රය තුළ විශිෂ්ටතම ජයග්‍රහණ ඇගයීමට ලක් කරයි.

දේශය නඟාසිටුවීමට හා ජාතික ආර්ථිකයට සහාය ලබාදීම සඳහා මහජන බැංකුව විශිෂ්ට ලෙස ක්‍රියාත්මක වීම මුල් කරගනිමින් ‘ශ්‍රී ලංකාවේ අවශ්‍යතාවන්ට වඩාත්ම වේගයෙන්ම ප්‍රතිචාර දක්වන බැංකුව 2022’ සම්මානය හිමි වූයේ පසුගිය සමයේ කොවිඩ් – 19 වසංගත කාලය තුළ සංචරණ සීමා පැනවීම් සහ පළාත් අතර ගමනාගමනය අත්හිටුවීම හේතුවෙන් දුර්වල වූ ආර්ථිකය යළි පණ ගැන්වීම සඳහා බැංකුව දැක්වූ වේගවත් ප්‍රතිචාරයයි. කුසලතා පිරිපුන් සිය කාර්ය මණ්ඩලය වෙනුවෙන් ප්‍රාග්ධනය යෙදවීම, නිමැයුම් කළඹ, විශිෂ්ට තාක්ෂණය සහ ජාතිකත්වය මුල් කරගත් හැඟීමෙන් යුතුව ව්‍යාපාරය මෙහෙයවීම මඟින් සිය ජනතාවටත්, මුළු මහත් රටටත් සේවය සැපයීමට මහජන බැංකුවට හැකි විය.

මෙරට බැංකුකරණයේ නව සන්ධිස්ථානයක් සනිටුහන් කළ මහජන බැංකුවේ ඩිජිටල්කරණ වැඩපිළිවෙළේ සාර්ථකත්වය අගයමින් ‘Best Consumer Digital Bank Sri Lanka 2022’ (ශ්‍රී ලංකාවේ හොඳම ඩිජිටල් ගනුදෙනු සේවා සපයන බැංකුව 2022) සම්මානය බැංකුවට හිමිවිය. ග්‍රාමීය ජනතාව ඩිජිටල්කරණයෙන් බලගැන්වීමට මෙන්ම තරුණ පරපුරේ හා නාගරික ගනුදෙනුකරුවන්ගේ අවශ්‍යතා සපුරාලීම අරමුණු කරගනිමින් 2015 වසරේදී මහජන බැංකුව සිය ඩිජිටල්කරණ වැඩපිළිවෙළ ඇරඹීය. මේ තුළින් මහජන බැංකුව, දේශීය වෙළෙඳපොළට ඩිජිටල් සේවා රැසක් හඳුන්වා දුන් අතර, ස්වයංක්‍රිය ටෙලර් යන්ත්‍ර, මුදල් තැන්පත් කිරීමේ යන්ත්‍ර ඇතුළත් මහජන බැංකුවේ ස්වයං බැංකුකරණ ඒකක මේ අතරින් විශේෂිතම හඳුන්වා දීමකි.

ඩිජිටල් තාක්ෂණයෙන් ගිණුම් විවෘත කිරීම, ජංගම දුරකථන බැංකුකරණය, අන්තර්ජාල බැංකුකරණය, පුද්ගල හා ආයතනික ගනුදෙනුකරුවන් වෙනුවෙන් ණය උත්පාදන පද්ධතියක් ඇතුළුව ඒකාබද්ධ ඩිජිටල් සේවා රැසක් පිරිනැමීමේ පුරෝගාමියා වන්නේද මහජන බැංකුවයි. තොරතුරුවල ආරක්ෂාව සහ සුරක්ෂිත බව වෙනුවෙන් පිරිනැමෙන ලොව ඉහළම පිළිගැනීම වන ISO/IEC 27001 (2013 තත්ත්ව සහතිකය මහජන බැංකුවට හිමිව ඇත.