බණ්ඩාරවෙල පිරවුම්හලේ පොම්පකරුට පහරදුන් 4ක් අත්අඩංගුවට

0
15

බණ්ඩාරවෙල නගරයේ ඉන්ධන පිරවුම්හලක පොම්පකරු හට පහරදීම සම්බන්ධයෙන් සැකකරුවන් හතරදෙනකු 25 දින බණ්ඩාරවෙල පොලිසිය අත්අඩංගුවට ගෙන ඇත. 25 දින ඉන්ධන ලබාගැනීමට ඉන්ධන පිරවුම්හල වෙත පැමිණ සිටියදී අනුමත මුදලට වඩා ඉන්ධන ලබාදෙන ලෙස පොම්පකරුගෙන් ඉල්ලා ඇත. එලෙස ඉන්ධන ලබාදීමට නොහැකි බැව් පොම්පකරු පැවැසීමෙන් පසු ඔහුට පහරදී ඇති බව පොලිසිය සඳහන් කළේය.

අත්අඩංගුවට ගත් පුද්ගලයන් වයස අවුරුදු 30, 32 වියේ පසුවන අය බවත් ඉන් එක් අයෙක් යුද හමුදාවේ සේවය කරන අයෙක් බවත් කළ විමර්ශනවලදී අනාවරණය වී ඇත. බණ්ඩාරවෙල කොට්ඨාසය භාර ජේ‍යෂ්ඨ පොලිස් අධිකාරි කාලිංග ජයසිංහ මහතාගේ උපදෙස් මත මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක නිශාන්ත දිසානායක මහතා ඇතුළු කණ්ඩායමක් සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇත. සැකකරුවන් බණ්ඩාරවෙල මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

බදුල්ල _ නිශාන්ත අබේගුණවර්ධන