පොදුරාජ්‍ය මණ්ඩලයීය ක්‍රීඩා උළෙල ශ්‍රී ලංකා වෙරළ වොලිබෝල් පිල 31 වැනිදා තරග බිමට

0
20

හෙට (28දා) සිට එංගලන්තයේ බර්මින්හැම් හී ආරම්භවන පොදුරාජ්‍ය මණ්ඩලයීය ක්‍රීඩා උළෙලේ වෙරළ වොලිබෝල් තරග

30 වැනිදා කැනඩාව හා ගානා තරගයෙන් ආරම්භ වීමට නියමිතව ඇත.

එහිදී මෙම වෙරළ වොලිබෝල් තරගාවලිය සඳහා රටවල් 24ක් සුදුසුකම් ලබා ඇති අතර, ආසියානු කලාපයෙන් පිරිමි හා කාන්තා දෙඅංශයෙන්ම සුදුසුකම් ලබා ඇත්තේ ශ්‍රී ලංකාව පමණක් වීමද

විශේෂත්වයකි.

ඒ අනුව ශ්‍රී ලංකා පිරිමි පිල එළැඹෙන 31 වැනිදා කැනඩාව සමඟින්ද, එදිනම ශ්‍රී ලංකා කාන්තා පිල ඕස්ට්‍රේලියාව සමඟින්ද තරග බිමට පිවිසීමට නියමිතය.

කෙසේ වෙතත් මහින්ද යාපා සහ අශේන් රශ්මික ශ්‍රී ලංකා පිරිමි පිලටත්, දීපිකා බණ්ඩාර සහ චතුරිකා මධුශානි කාන්තා පිලටත් ඇතුළත්ව සිටී.