පෙට්‍රල් වැඩි මිලට අලෙවි කර 5,000ක් දඩ

0
18

බලපත්‍රයක් නොමැතිව පෙට්රල් ලීටර් එකක් සන්තකයේ තබා ගනිමින් වැඩි මිලට අලෙවි කිරීමේ චෝදනාවට වරද පිළිගත් විත්තිකරුවකුට තරයේ අවවාද කළ මිනුවන්ගොඩ මහෙස්ත්‍රාත් ටී. තේනබදු මහත්මිය රුපියල් 5,000ක දඩයක් නියම කළාය.

මිනුවන්ගොඩ පල්ලිය පාරේ පදිංචි විත්තිකරුට මෙසේ දඩ නියම කෙරුණි. සැකකරු මිනුවන්ගොඩ නගරයේ සැරිසරමින් පෙට්රල් අලෙවි කරන බවට මිනුවන්ගොඩ පොලිසියට ලද තොරතුරක් මත පොලිස් උපාය දූතයකු යොදවා සැකකරුව අත්අඩංගුවට ගත් බව අධිකරණයේදී සඳහන් විය. සැකකරු තෙල් පෝලිම්වල සිට යතුරුපැදියකට තෙල් ලබාගෙන මෙසේ අලෙවි කර ඇති බවත් සැකකරුව පොලිස් අත්අඩංගුවට පත්වන විට ඔහු සන්තකයේ තිබූ පෙට්රල් විකුණා තිබූ බවටත් අනාවරණය වී ඇති බව පොලිසිය අධිකරණය හමුවේ කීය.

මිනුවන්ගොඩ – ටෝනි කේ. අතුකෝරල