ප්‍රමාණවත් තෙල් නොලැබීමෙන් වතුකරයේ තේ කර්මාන්තයට බාධා

0
25

වතුකරය ආශි්‍රත ඉන්ධන පිරවුම්හල්වලට ප්‍රමාණවත් ලෙස ඉන්ධන නොලැබීම හේතුවෙන් තේ කර්මාන්තශාලා පවත්වාගෙන යෑමට දැඩි ලෙස බාධා මතුව ඇති බව සමස්ත ලංකා වතු කම්කරු සංගමයේ ලේකම් ජේ.එම්.ඒ.ප්‍රේමරත්න පැවැසීය.

ඉන්ධන අර්බුදය හේතුවෙන් තේ කර්මාන්තශාලා ආශි්‍රත ක්‍රියාකාරකම් මෙන්ම තේ අපනයන ක්‍රියාවලියද බරපතළ අර්බුදවලට මුහුණ පා ඇතැයිද ප්‍රේමරත්න මහතා කීවේය.

මෙම ප්‍රශ්නය දිගින් දිගටම පැවතුණහොත් රටට ඩොලර් ලැබෙන ප්‍රධාන ආදායම් මාර්ගයක් වන තේ කර්මාන්තය බිඳ වැටිය හැකි යැයිද එම නිසා ප්‍රමාණවත් ඉන්ධන තොග වතුකරය ආශි්‍රත ඉන්ධන පිරවුම්හල්වලට එවන ලෙස බලධාරීන්ගෙන් ඉල්ලා සිටින බවද සමස්ත ලංකා වතු කම්කරු සංගමය සඳහන් කරයි.

ක්‍රිෂාන් පතිරත් ජයසූරිය