තෙල් මිල ළඟදීම අඩුවෙයි !

0
26

ඊළඟ මිල සූත්‍ර සංශෝධනයේදී ඉන්ධන මිලෙහි අඩුවීමක් විය හැකි බවට විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර ඉඟියක් පළ කරයි. ලබන අගෝස්තු පළමු වැනිදා මෙම මිල සංශෝධනය කිරීමට නියමිත අතර අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ දැනට ලෝක වෙළෙඳපොළේ ඉන්ධන මිල අඩුවීමට සාපේක්‍ෂව බොහෝ දුරට ඉන්ධන මිලෙහි අඩුවීමක් අපේක්‍ෂා කරන බවයි.

ඉන්ධන මිල සූත්‍රයට අනුව ඉන්ධන මිල සංශෝධනය සෑම මසකම 01 වැනිදාත් 15 වැනිදාත් රාත්‍රියේදී සිදුවන බවද අමාත්‍යවරයා වැඩිදුරටත් පවසයි. විද්‍යුත් නාළිකාවක වැඩසටහනකට එක් වෙමින් අමාත්‍යවරයා මේ බව කියා සිටියේය.

චාමර අමරසූරිය