ඩෑන් ප්‍රියසාද්ගේ සොහොයුරා කපා කොටා මරලා

0
23

අපේ ජනබල පක්‍ෂයේ මාධ්‍ය ප්‍රකාශක ඩෑන් ප්‍රියසාද්ගේ සොහොයුරකු ඔරුගොඩවත්ත ගුවන් පාලම යටදී කඩු සහ මන්නාවලින් පහරදී ඝාතනය කර ඇතැයි වැල්ලම්පිටිය පොලිසිය කියයි. අවුරුද 34ක් වයසැති මොහු වැල්ලම්පිටිය කුරුනියාවත්ත ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

ඉකුත් 25 වැනිදා රාත්‍රි කාලයේදී කිසියම් පිරිසක් විසින් තියුණු ආයුධවලින් කපා බරපතළ තුවාල ලැබීම නිසා මොහු කොළඹ ජාතික රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මරණයට පත්විය.

මියගිය පුද්ගලයාගේ පශ්චාත් මරණ පරීක්‍ෂණය ඊයේ (26දා) පැවැත්වීමට නියමිතව තිබිණි. ඝාතනය සිදුකළ සැකකරුවන් අනාවරණය කර ගැනීමට වැල්ලම්පිටිය පොලිසිය වැඩිදුර පරීක්‍ෂණ පවත්වයි.

කීර්ති මෙන්ඩිස්, හංසි නානායක්කාර