ඩයලොග් ආසිආටා Doc990 ආයතනය සමඟ සහයෝගීත්වයෙන් රිජ්වේ ආර්යා ළමා රෝහලට වෛද්‍ය උපකරණ පරිත්‍යාග කෙරේ

0
19

වර්තමානයේ පවතින ආර්ථික තත්ත්වය හමුවේ ඔෟෂධ සහ වෛද්‍ය උපකරණ හිඟයකට මුහුණපා සිටින මෙරට සෞඛ්‍ය ක්‍ෂේත්‍රයට සහායවීම වෙනුවෙන් දරන ප්‍රයත්නයන් තවත් ඉදිරියට ගෙනයමින් ඩයලොග් ආසිආටා පීඑල්සී සමාගම Doc990 ආයතනය සමඟ එක්ව දිවයිනේ විශාලතම ළමා රෝහල වන රිජ්වේ ආර්යා ළමා රෝහලේ (LRH) හෘද සහ උරස් දැඩි සත්කාර ඒකකයට (CTICU) කඩිනමින් අවශ්‍ය රුධිරගත වායු විශ්ලේෂණ උපකරණ කට්ටල (Blood Gas Analyzers) පරිත්‍යාග කිරීමට කටයුතු  කරන ලදී.

 හෘද සහ උරස් දැඩි සත්කාර ඒකකයට (CTICU) අත්‍යවශ්‍ය රුධිරගත වායු විශ්ලේෂණ උපකරණ කට්ටල (Blood Gas Analyzers) පරිත්‍යාග කිරීම තුළින් ළමා රෝගීන්ගේ ජීවිත රැකගන්නට සමත්වන වෛද්‍ය සත්කාර සේවාවන් ලබාදීමට හැකියාව සැලසෙන අතර කිසිදු බාධාවකින් තොරව  හෘද සහ උරස්  ශල්‍යකර්ම සිදුකිරීමටද පහසුකම් සලසයි. එමෙන්ම රටේ පවතින අභියෝගාත්මක ආර්ථික තත්ත්වය හමුවේ දැඩි ලෙස පීඩාවට පත්ව සිටින ප්‍රජාවට මෙන්ම මෙරට සේවා ක්‍ෂේත්‍රයේ සේවකයන්ට සහායවීම වෙනුවෙන් ඩයලොග් සමාගම දක්වන කැපවීමද මෙම පරිත්‍යාගය හරහා මැනවින් පෙන්නුම් කෙරෙන අතර, සමාජීය යහ පැවැත්ම අරමුණු කොටගත් හවුල්කරුවන් සමඟ අත්වැල් බැඳගනිමින් මෑතකදී ක්‍රියාවට නංවන ලද ‘මනුදම් මෙහෙවර’ මානුෂීය ක්‍රියාන්විතය තුළින්ද එය පිළිබිඹු වේ.

 මේ පිළිබඳව අදහස් දැක්වූ ඩයලොග් ආසිආටා පීඑල්සී සමාගමේ සමූහ ප්‍රධාන විධායක  සුපුන් වීරසිංහ මහතා පවසා සිටියේ “වත්මන් ආර්ථික අර්බුදය හමුවේ එල්ලවී තිබෙන දැඩි බලපෑම් හමුවේ වුවද තම සේවාව වෙනුවෙන් දිවා රෑ නොබලා කුඩා දරුවන්ගේ ජීවිත රැකගන්නට උපරිමයෙන්ම කැපවන රිජ්වේ ආර්යා ළමා රෝහලේ වෛද්‍ය කාර්ය මණ්ඩලය ඉටුකරන අනුපමේය සේවය වෙනුවෙන් අපගේ කෘතඥතාව පළ කර සිටිනවා.

දැඩි සත්කාර සේවාවක් අත්‍යවශ්‍ය සැමට මෙම පරිත්‍යාගය සහාය වන අතරේ රෝහලේ ප්‍රතිකාර ලබන රෝගීන්ගේ මෙන්ම වෛද්‍ය වෘත්තීයවේදීන්ගේ සිත් තුළ පවතින පීඩාකාරී තත්ත්වයට මෙම පරිත්‍යාගය  හරහා යම්කිසි සහනයක් සැලසීමට හැකිවීම සම්බන්ධයෙන් අපි සතුටු වෙනවා. ශ්‍රී ලංකාවේ සෞඛ්‍යය ක්‍ෂේත්‍රය සවිබල ගන්වමින් සහායවීම වෙනුවෙන් අප විසින් ඉටුකරන ප්‍රජා වගකීමෙහි තවත් ඉදිරි පියවරක් වශයෙන් මේ වැඩපිළිවෙළ හ¾දුන්වා දෙන්න පුළුවන්.” යනුවෙනි.