ජූලි වැටුපේ දින 6ක ප්‍රමාදයෙන් ඉන්ජිනේරු සංස්ථා සභාපති කාර්යාල අඩස්සියේ

0
22

රාජ්‍ය ඉන්ජිනේරු සංස්ථාවේ සේවකයන්ගේ ජූලි මස වැටුප ලබානොදීම හේතුවෙන් එහි සේවක පිරිසක් සංස්ථාවේ සභාපතිවරයා කාර්යාල අඩස්සියේ තබා ඊයේ (26දා) දහවල් විරෝධයක නිරත වූහ. මේ මස වැටුපෙන් බාගයක් පමණක් ලබාදීමට සභාපති රත්නසිරි කළුපහන පොරොන්දු වුවද සේවකයෝ එය පිළිනොගත්හ. ඉහළ මට්ටමේ තනතුරු දරන නිලධාරීන් නියමිත පරිදි වැටුප් ලබා ගන්නා බවත්, පහළ සේවකයන්ට බොහෝවිට අසාධාරණයන් සිදුවන බවත් උද්ඝෝෂණයේ නිරත පිරිස් පැවැසූහ. මෙම සිද්ධිය හේතුවෙන් රාජ්‍ය ඉන්ජීනේරු සංස්ථාවේ දෛනික කටයුතුවලටද බාධා එල්ල වී තිබිණි.

අමිත් මධුරංග ගමගේ