ගල්ගමුව ඩිපෝ අධිකාරි ඇතුළු තිදෙනකු හඳුනාගැනීමේ පෙරෙට්ටුවකට

0
16

යාපනයේ සිට කොළඹ දක්වා ධාවනය වෙමින් තිබූ ලංගම බස් රියැදුරකුට සහ කොන්‍ෙදාස්තරවරයකුට ලංගම බස් රථයකින් ලුහුබැඳ ගොස් මහව දළදාගම ප්‍රදේශයේදී අමානුෂික ලෙස පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් මහව මූලස්ථාන පොලිසිය මඟින්  අත්අඩංගුවට ගෙන අධිකරණය හමුවට ඉදිරිපත් කළ ලංකා ගමනාගමන මණ්ඩලයේ ගල්ගමුව ලංගම ඩිපෝවේ ඩිපෝ අධිකාරිවරයා ඇතුළු එම ඩිපෝවේ සේවකයන් හය දෙනකු අද (27දා) දක්වා රිමාන්ඩ් භාරයට පත් කරන ලෙස මහව ප්‍රධාන මහෙස්ත්‍රාත් රවීන්ද්‍ර බණ්ඩාර මහතා නියෝග කළේය.

ඒ අනුව සැකකාර ඩිපෝ අධිකාරිවරයා ඇතුළු සියලු සැකකරුවන් හඳුනාගැනීමේ පෙරෙට්ටුවකට ඉදිරිපත් කරන ලෙසටද ප්‍රධාන මහෙස්ත්‍රාත්වරයා බන්ධනාගාර නිලධාරීන්ට වැඩිදුරටත් නියෝග කරනු ලැබීය.

පසුගිය 23 වැනිදා යාපනයේ සිට කොළඹ දක්වා ධාවනය වෙමින් තිබූ යාපනය ලංගම ඩිපෝවට අයත් බස් රථයක් ගල්ගමුව ප්‍රදේශයේදී, ගල්ගමුව ඩිපෝවේ සේවකයන් පිරිසක් රැගෙන යෑම ප්‍රතික්‍ෂේප කර, නොනවත්වා ධාවනය කිරීම හේතුවෙන් සැකකරුවන් මෙම පහරදීම කර ඇති බව විමර්ශන කරන මහව මූලස්ථාන පොලිසිය කියයි.

සැකකරුවන්ගෙන් පහර කෑමට ලක්වූ රියැදුරු හා කොන්‍ෙදාස්තරවරයා සිද්ධිය සම්බන්ධයෙන් මුලින් වාරියපොළ පොලිසියට කරන ලද පැමිණිල්ලකට අනුව පසුව අදාළ සිද්ධිය පිළිබඳව වාරියපොළ පොලිසිය මඟින් මහව මූලස්ථාන පොලිසියට දැනුම් දීමෙන් අනතුරුව මූලික විමර්ශන මෙහෙයවා සැකකරුවන් අත්අඩංගුවට ගෙන තිබේ.

මහව මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්‍ෂක සංජීව බණ්ඩාරනායක මහතාගේ උපදෙස් පරිදි එම මූලස්ථාන පොලිසියේ අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්‍ෂක ජයන්ත රාජපක්‍ෂ මහතාගේ මෙහෙයවීම මත මෙම සිද්ධිය සම්බන්ධයෙන් තවදුරටත් විමර්ශන සිදු කෙරේ.

අනුරාධපුර – ආනන්ද කරුණාදාස