කඹුරුගමුව පිරවුම්හලේ කලබල කළ දෙදෙනකු රිමාන්ඩ්

0
15

කොටවිල පොලිස් බල ප්‍රදේශයට අයත් කඹුරුගමුව ඉන්ධන පිරවුම්හලේදී පෙට්රල් ලබා ගැනීමට පැමිණ නොසන්සුන්කාරී ලෙස හැසිරුණු පුද්ගලයන් දෙදෙනකු කොටවිල පොලිසිය මඟින් අත්අඩංගුවට ගෙන මාතර මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු අගෝස්තු 4 වැනි දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.

කලහකාරී ලෙස හැසිරී පොලිස් නිලධාරීන්ගේ රාජකාරියට බාධා කිරීමේ චෝදනා මත මෙලෙස අත්අඩංගුවට ගත් පුද්ගලයන් දෙදෙනා මාතර මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු එසේ රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.

වාහනයේ අවසාන අංකය සැලකිල්ලට ගෙන ඉන්ධන නිකුත් කිරීම සිදු කළ අතර එහිදී ද අදාළ දිනයට හිමි නොවන අංක සහිත යතුරුපැදි ඉවත් කිරීමට පොලිසිය කටයුතු කටයුතු කිරීමේදී මෙම සිද්ධිය වී තිබේ.

 මාතර කොට්ඨාස භාර ජේ‍යෂ්ඨ පොලිස් අධිකාරි නිශාන්ත ද සොයිසා මහතාගේ උපදෙස් මත කොටවිල පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ඩබ්ලිව්. ජී. ප්‍රභාත් නිශාන්ත මහතාගේ මෙහෙයවීමෙන් කොටවිල පොලිසියේ නිලධාරීන් විසින් සැකකරුවන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කෙරිණි.

මාතර – උදය කුමාර රණවීර