ඉන්දීය අගමැතිගෙන් ජනපති රනිල්ට සුබපැතුම්

0
14

නව ජනපති රනිල් වික්‍රමසිංහට ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි සුබ පැතුම් ලිපියක් එවා තිබේ.

ශ්‍රී ලංකාවේ ස්ථාවරත්වයට සහ ජනතාවගේ අභිවෘද්ධිය වෙනුවෙන් ගෙනයන වැඩපිළිවෙළට ඉන්දියාවේ සහාය ලබාදෙන බව මෝදි අගමැතිවරයා ජනාධිපතිවරයාට එම ලිපියෙන් දන්වා තිබේ.

ජනතාවගේ අනේ‍යාන්‍ය ප්‍රයෝජනය සඳහා ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර පැරණි, සමීප මිත්‍ර සබඳතා ශක්තිමත් කිරීම සඳහා ජනාධිපති  වික්‍රමසිංහ සමඟ සමීපව කටයුතු කිරීමට බලාපොරොත්තු වන බව ඉන්දීය අගමැතිවරයා ප්‍රකාශ කර තිබේ.

“තීරණාත්මක මොහොතක ඔබ ශ්‍රී ලංකාවේ ඉහළම තනතුර භාරගෙන තිබෙනවා. ඔබේ ධුර කාලය තුළ ලංකාවේ සියලුම පුරවැසියන්ගේ අපේක්‍ෂාවන් ඉටු කිරීමට මෙන්ම ආර්ථික ස්ථායිතාව වර්ධනය කරනු ඇතැයි මා බලාපොරොත්තු වෙනවා” යැයිද ඉන්දීය අගමැතිවරයා සිය ලිපියෙහි වැඩිදුරටත් සඳහන් කර ඇත.

සඳුනි ගමාරච්චි