ඉන්දියානු මහ කොමසාරිස් හා අගමැති දිනේෂ් අතර හමුවක්

0
15

ඉන්දියානු මහ කොමසරිස් ගෝපාල් බග්ලේ (Gopal Baglay) හා අගමැති දිනේෂ් ගුණවර්ධන අතර හමුවක් ඊයේ (26දා) අග්‍රාමාත්‍ය කාර්යාලයේදී සිදුව තිබේ.

දෙරට අතර සෘජු විදේශ ආයෝජන මෙන්ම, සංචාරක ක්‍ෂේත්‍රයේ කඩිනම් ආයෝජන සිදුකිරීම පිළිබඳව මෙහිදී සාකච්ඡා කර ඇත.

අගමැතිවරයා කළ විශේෂ ඉල්ලීම පරිදි මෙරට පුනර්ජනනීය බලශක්ති ක්‍ෂේත්‍රයට හා දුම්රිය ප්‍රමුඛ ප්‍රවාහන පද්ධතිය වැඩිදියුණු කිරීම සඳහා අවශ්‍ය තාක්‍ෂණික සහාය ලබාදීමට මහ කොමසාරිස්වරයා එකඟතාව පළකර තිබේ.

පවතින ආර්ථික අභියෝග හමුවේ ශ්‍රී  ලංකා රජයට ලබාදෙන ලද සහ ඉදිරියට ලබාදෙන දායකත්වය පිළිබඳ අගමැතිවරයා කෘතවේදිත්වය පළකර ඇත.

අභිනව ජනාධිපති ද්‍රෞපදී මුර්මු මහත්මියගේ (Droupadi Murmu)  පත්වීම පිළිබඳව අගමැතිවරයා සුබ පැතුම් එක්කර තිබේ.

අගමැති ලේකම් අනුර දිසානායකද මෙම අවස්ථාවට එක්ව ඇත.

සඳුනි ගමාරච්චි