වජිරට ඇමතිකමකුත්!

0
635

එක්සත් ජාතික පක්ෂ සභාපති වජිර අබේවර්ධන සිය පක්ෂයට හිමි ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරයේ කතානායක මහින්ද යාපා අබේවර්ධන ඉදිරියේ හෙට (ජූලි 27) දිවුරුම් දීමට නියමිත අතර සර්ව පාක්ෂික ආණ්ඩුවක් යටතේ කැබිනට් අමාත්‍ය ධූරයක්ද ඔහුට හිමි වනු ඇතැයි රජයේ ආරංචි මාර්ග සඳහන් කරයි.

රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපතිවරයා ලෙස දිවුරුම් දීම නිසා පුරප්පාඩු වූ එක්සත් ජාතික පක්ෂයේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරය සඳහා වජිර අබේවර්ධන මහතා නම් කරමින් මැතිවරණ කොමිෂන් සභාව අදාළ ගැසට් නිවේදනය නිකුත් කළේ ය.

එක්සත් ජාතික පක්ෂ නායක ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලයේ සහ නිලධාරී මණ්ඩලයේ පූර්ණ අනුමැතියෙන් ඔහු ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරය සඳහා යෝජනා කර ඇති බව එම පක්ෂය සඳහන් කර තිබේ.

  • අනුරාධා හේරත්, සඳුනි ගමාරච්චි